විදේශ විනිමය පනතට එරෙහි පෙත්සම් 24 වැනිදා විභාගයට

  👤  2418 readers have read this article !
By mawbima 2017-04-21

කමල් මහේන්ද්‍ර වීරරත්න

යෝජිත "විදේශ විනිමය පනත -2017" (ජ්ධපඥඪඨද _ ඡ්යජඩචදඨඥ ඒජබ - 2017) මඟින් සමස්ත ශ්‍රී ලංකාවේම මූල්‍ය කළමනාකරණය තනිකරම මුදල් අමාත්‍යවරයාගේ පාලනයට නතුවන බවත් එමඟින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලිකම වගන්ති 7ක් උල්ලංඝනය වන බවත් පවසමින් එකී පනත "ජනමත විචාරණයකින් තොරව" සම්මත කිරීම වළක්වන්නැයි ඉල්ලා ගොනුකළ විශේෂ විමර්ශන පෙත්සම් 3 ලබන සඳුදා (24දා) විභාගය සඳහා කැඳවීමට ඊයේ (20දා) ශේ්‍රෂ්ඨාධිකරණය තීන්දු කළේය.
හිටපු මුදල් අමාත්‍යවරයකු මෙන්ම ආර්ථික විද්‍යා විශේෂඥයකුද වන පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා එකී යෝජිත පනත් කෙටුම්පතට එරෙහිව එක් පෙත්සමක්ද අන්තර්ජාතික නීතිවේදියකු මෙන්ම ප්‍රබල සමාජ ක්‍රියාකාරිකයකුද වන ශ්‍රී ලංකාවේ හා මහා බි්‍රතාන්‍යයේද නීතිඥ වෘත්තිකයකු වන ජේ‍යෂ්ඨ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා එම පනතට එරෙහිව තවත් විශේෂ විමර්ශන පෙත්සමක්ද ප්‍රබල සමාජ ක්‍රියාකාරිකයකු වන නීතිඥ එන්. දර්ශන වේරදුවගේ මහතා එකී පනතට එරෙහිව අනෙක් විශේෂ විමර්ශන පෙත්සමද ගොනුකරන ලද්දේ ඉකුත් බ්‍රහස්පතින්දා දිනයේදීය.

රජයේ නීතිපතිවරයා සහ මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාත් මින් එක් පෙත්සමක වගඋත්තරකරුවන් කොට ඇති අතර සෙසු පෙත්සම් දෙකෙහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම්කොට ඇත.

මේ විශේෂ විමර්ශන පෙත්සම් තුනම තනි නඩු කටයුත්තක් සේ සලකා එකම අවස්ථාවකදී විභාගයට ගැනීමට අගවිනිසුරුවරයා ශේ්‍රෂ්ඨාධිකරණ ලේඛකාධිකාරිවරියට උපදෙස් දෙන ලද අතර ඒ අනුව මේ 24 වැනිදා උදේ 10ට පෙත්සම් 3 පිළිබඳ කරුණු විභාගය ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව රටේ මූල්‍ය පාලනය තනි පුද්ගලයකු අතට පත්කළ නොහැකි බවද ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව නමින් සංස්ථාපිතව ඇති ආයතනය මධ්‍යස්ථානය කොටගත් අනුබද්ධිත දෙපාර්තමේන්තු ගණනාවක ප්‍රධානීන්ගේ සංයුතියෙන් යුත් විශේෂිත "මූල්‍ය මණ්ඩලය" සියලු තීන්දු තීරණ ගතයුතු බවත් පවසන පෙත්සම්කරුවෝ සිය පෙත්සම් මඟින් ප්‍රකාශ කොට සිටිනුයේ එම ව්‍යුහය වෙනස්කොට තනි පුද්ගලයකු අතට එම බලය ආරෝපණය කිරීම අති භයානක තත්ත්වයක් බවය.
ශේ්‍රෂ්ඨාධිකරණයේ ජේ‍යෂ්ඨ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය, බුවනෙක අලුවිහාරේ සහ අනිල් ගුණරත්න මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවේ මෙම පෙත්සම් විභාගයට ගැනීමට නියමිතව ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්