ආයෝජකයන් සමඟ ඩීල් දාන බිරියක් මට නෑ

  👤  2497 readers have read this article !
By mawbima 2017-04-21

පණ්ඩුක සමරසේකර

ආයෝජකයන් සමඟ ඩීල්දාන බිරියක් තමාට නැතැයි බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා පැවැසීය.
කොරියානු සමාගමක් මඟින් ශ්‍රී ලංකාවේ කසළ ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතියක් ඇරැඹීම සඳහා සිය බිරිය රුපියල් කෝටියක අල්ලසක් ඉල්ලූ බවට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ මේ දිනවල ප්‍රචාරය වන පුවතක් සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (20දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියකු නැඟූ® ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහ ඇමැතිවරයා මේ බව කීවේය.

සමාජ ජාල වෙබ් අඩවිවලට අද කුණු ප්‍රශ්නය රස ප්‍රශ්නයක් වී ඇති බවත් එවැනි මඩ ව්‍යාපාරවලින් මේ ප්‍රශ්නයට විසඳුම් නොලැබෙන බවත් පැවැසූ මහ ඇමැතිවරයා ප්‍රශ්නයට දිය හැකි විසඳුම් කවරේදැයි කිසිදු සමාජ ජාල වෙබ් අඩවියකින් රටට හෙළි නොකරන බවද සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්