සටන අත්අරින්නේ නෑ මහින්ද ඉන්දීය රූපවාහිනි නාළිකාවකට කියයි

  👤  2532 readers have read this article !
By mawbima 2017-04-21

රෝහණ බමුණුආරච්චි

තම දේශපාලන සටන අත්නොහරින බව හිටපු ජනාධිපති, මහින්ද රාජපක්ෂ අවධාරණය කර ඇත.
ඉන්දියාව මූලස්ථානය කරගත් අන්තර්ජාල සහ රූපවාහිනි සේවාවක් වන ඩබ්ලිව්.අයි.ඕ.එන්. (එධ්ර්ණීව්) හි මාධ්‍යවේදිනියක් වන පද්මා රාඕ සුන්දර්ජි සමඟ පසුගියදා පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු ඒ බව ප්‍රකාශ කොට තිබේ.
නව පක්ෂයක් ස්ථාපිත කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වී එයට නායකත්වය දෙන ලෙස ඉල්ලමින් සිටිනවා. එහෙයින් මීළඟ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ යළි සම්ප්‍රාප්තියක් සිදුවේවිද යැයි මාධ්‍යවේදිනිය විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මහින්ද රාජපක්ෂ කිසිදිනක සටන හැර නොගිය බවය.

තවද මාගේ රට හා ජනතාව අවදානමක සිටින මොහොතක ඔවුනට තමාව අවශ්‍ය වන තාක් කල් තමා සටනේ රැඳී සිටින බවද ඔහු පෙන්වා දී ඇත.
එසේ නම් ඉදිරි මැතිවරණයකදී ජනාධිපති හෝ අගමැති ලෙස ඔබ නැවත පැමිණෙන බව කියනවා දැයි මාධ්‍යවේදිනිය ඇසූ ප්‍රශ්නයට ඔහු උත්තර දෙමින් කියා සිටියේ දේශප්‍රේමී දේශපාලනය යනු රැකියාවක් නොවෙයි. එය මාගේ ජීවන කාලීන රාජකාරිය බවය.
වර්තමානයේ පවතින චීනය මත යැපීම ආරම්භ කළේ ඔබේ රජයද එසේ නොවේ නම් වර්තමාන රජයද ඇසූ ප්‍රශ්නයට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා දුන් පිළිතුර වූයේ,

අපි වගකිව යුතු බව ඔවුන් කියනවා. අපි කියනවා ඔවුන් වගකිව යුතුයි කියලා, තවත් පිරිසක් ප්‍රකාශ කරනවා මේකට ඉන්දියාව වගකියන්න අවශ්‍ය බව.
කවුරු මොනවා කීවද අපේ රජය කාලයේ අපි තීරණය කළා රටේ විදේශ සබඳතා වැඩි වශයෙන් ආසියාව දෙසට නැඹුරු කිරීමට. ප්‍රධාන වශයෙන් ආසියාවේ බලවතුන් වන ඉන්දියාව සහ චීනය දෙසට. නමුත් අපේ රජය කිසිදිනක චීනය මත යැපීමක් සිදුනොකළ බවද ඔහු අවධාරණය කර ඇත. තවද අපට නැවත ගෙවිය හැකි මුදලකට අපි හම්බන්තොට වරාය ව්‍යාපෘතිය චීනයට ලබාදුන්නා වුවද කිසිදිනක එම භූමිය චීනයට ලබානොදුන් බවද ප්‍රකාශ කර සිටියි.
එසේ වුවද වත්මන් රජය අක්කර 15,000ක් චීන රජයට ලබාදී රට විකිණීමට සැරසෙන බවද ඔහු පෙන්වා දී ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්