‍ෙදාම්පේ කුණුවලට එරෙහි විරෝධතාවට පොලිසියෙන් කඳුළු ගෑස්-ජල ප්‍රහාර

  👤  2394 readers have read this article !
By mawbima 2017-04-21

උපතිස්ස පෙරේරා, මිනුවන්ගොඩ - අතුකෝරල, ‍ෙදාම්පේ - එච්. ජී. ආරියපාල

‍ෙදාම්පේ පොලිස් වසමේ මාලිගාවත්ත ප්‍රදේශයේ ඉදිකර ඇති "කසළ බඳුන"ට කොළඹ නගරයේ සිට කසළ ගෙන ආ ලොරි ගණනාවකට එරෙහිව ඊයේ (20දා) දහවල් සිට විරෝධතා දැක්වූ...ප්‍රදේශවාසීන්ට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර රැස්ව සිටි පිරිස විසුරුවා හරිනු ලැබීය.
ඊයේ දහවල් සිට කොළඹ කුණු රැගෙන ආ ලොරි රථ ගණනාවක් එම ප්‍රදේශවාසීන් විසින් ‍ෙදාම්පේ මාලිගාවත්ත ප්‍රදේශයට ආසන්න ස්ථානයකදී විරෝධතා පාමින් අවහිර කර එම කුණු බැහැර කිරීම අත්හිටුවන ලදී. මෙම අවස්ථාව වන විට පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය එම ප්‍රවේශ මාර්ගයේ රඳවා සිටි අතර සාමකාමීව එම පිරිස විසුරුවා හැරීමට පොලිසිය දැඩි උත්සාහයක් දරනු දක්නට ලැබිණි.

ප.ව. 4 වන විටත් එම විරෝධතා දැක්වූ ජනතාව දැනුවත් කරමින් එම කසළ තොග අදාළ ස්ථානයට බැහැර කිරීමට ඉඩ දෙන ලෙසට පොලිසිය ගත් දැඩි උත්සාහය අසාර්ථක වූයෙන් ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ නියෝග මත එම විරෝධතාකරුවන් විසුරුවා හැරීමට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කරනු ලැබීය.
ඉන් අනතුරුව විරෝධතාකරුවන් විසිරී ගිය අතර ඊට මඳක් ඔබ්බෙන් ස්ථාන කිහිපයක ඔවුන් රැඳී සිටිනු දක්නට ලැබිණි. ඒ අනුව එම කසළ ලොරි කිහිපය කිරිඳිවැල මාලිගාවත්ත කසළ බැහැර කිරීමේ ස්ථානයට ඇතුළත් කිරීමට පොලිසිය කටයුතු කරනු දක්නට ලැබිණි.

ඊයේ ප.ව. 6 වන විට එම ස්ථානයේ තිබූ කලබලකාරී තත්ත්වය බොහෝ දුරට මඟ හැරී ගොස් තිබුණි.
ඊයේ රාත්‍රියේද කොළඹ කසළ රැගත් ලොරි කිහිපයක් මාලිගාවත්ත කසළ බඳුන නමැති ස්ථානයට ප්‍රවේශ වීමට නියමිත නිසා පොලිසිය මඟින් ඊට අදාළව දැඩි ආරක්ෂක කටයුතු සංවිධානය කර තිබෙනු දක්නට ලැබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්