ඉදිරි සති දෙකේ ලොකු වෙනසක් කරනවා

  👤  2699 readers have read this article !
By mawbima 2017-04-21

ඉදිරි දෙසතිය ඇතුළත රජයේ කටයුතුවලට අලුත් මුහුණුවරක් ලබාදෙන බව පවසන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, ඒ සමඟ රජයේ බොහෝ ආයතනවල තනතුරු වෙනස්කම් සිදුවන්නට පුළුවන් බවට ඉඟියක් කරයි.

පුද්ගලයන්ගේ තනතුරුවල වෙනස්වීම් සමඟ එම ආයතනවල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමේ අලුත් වැඩපිළිවෙළක් හඳුන්වා දෙන බවද ජනාධිපති මන්දිරයේ ඊයේ පෙරවරුවේ පැවැති මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හා කර්තෘවරුන්ගේ විශේෂ මාධ්‍ය හමුවකදී ජනාධිපතිවරයා හෙළි කළේය.
ඉහළ තනතුරුවල වෙනස්කම් මෙන්ම රටට අලුත් වැඩපිළිවෙළක් හඳුන්වා දෙන අවස්ථාවේ කැබිනට් ඇමැතිවරුන්ගේද වෙනස්වීමක් සිදුවන්නේ දැයි මාධ්‍ය ප්‍රධානියකු ජනාධිපතිවරයාගෙන් විමසූ විට කීවේ, "ඔව්! වෙසක් පෝයට පෙර බලාපොරොත්තු වෙන්න පුළුවන්" කියායි.

පෝයට පෙර තවත් වෙනස්කම් වෙන්න පුළුවන් යැයි ඒකාබද්ධ විපක්ෂයත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා නේදැයි තවත් මාධ්‍ය ප්‍රධානියකු ප්‍රශ්න කළ විට සිනාසෙමින් ජනාධිපතිවරයාද ප්‍රතිචාර දැක්වූයේ ඒ වනවිට ඒ පැත්තේත් වෙනස්කම් සිදුවේද දන්නේ නෑ කියායි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්