මැන්චෙස්ටර් හමුවේ චෙල්සි 2-0කින් පරදී

  👤  3198 readers have read this article !
By mawbima 2017-04-20

එංගලන්තයේදී පැවැත්වෙන ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින චෙල්සි කණ්ඩායම ගෝල 2-0ක් ලෙස මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම හමුවේ පසුගිය සතියේදී පරාජය ලැබීම කැපී පෙනිණි.
චෙල්සි හා මැන්චෙස්ටර් තරගයේ 7 වැනි විනාඩියේදී මාකස් රෂ්ෆාර්ඩ් ලබාගත් ගෝලය හේතුවෙන් පළමු භාගයේ සිටම ඉදිරියෙන් සිටි මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම ඉන් අනතුරුව දෙවැනි භාගයේදීද ඇන්ඩර් හෙරේරා ලබාගත් ගෝලය මැන්චෙස්ටර් කණ්ඩායම තවදුරටත් ශක්තිමත් කිරීමට බෙහෙවින් උපකාර විය.
මේ අතර බෝන්මවුත් කණ්ඩායම හමුවේ ගෝල 4-0ක පහසු ජයක් ලැබූ ටොටෙන්හැම් කණ්ඩායම මෙම තරගාවලියේ නොකඩවා ලැබූ 7 වැනි ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්වීම විශේෂත්වයකි.

ඒ අනුව මෙම ජයග්‍රහණයත් සමඟින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය ආරක්‍ෂා කරගැනීමට ටොටෙන්හැම් කණ්ඩායම හැකිවූ ඇති අතර, මේ වනවිට පළමු ස්ථානයේ රැඳී සිටින චෙල්සි කණ්ඩායමේ මුළු ලකුණු ප්‍රමාණයට (75) ආසන්න වීමටද ටොටෙන්හැම් කණ්ඩායමට (71) හැකිව තිබේ.
කෙසේ වෙතත් පසුගිය සතියේදී පැවැති අනෙක් තරගවලදී ආසනල් කණ්ඩායම ගෝල 2-1ක් ලෙස මිඩ්ල්ස්බේ‍රා් කණ්ඩායමත්, ලිවර්පූල් කණ්ඩායම ගෝල 1-0ක් ලෙස වෙස්ට් බේ‍රා්න්විච් කණ්ඩායමත් පරාජය කර තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්