15න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලිය පාසල් කණ්ඩායම් 81ක් තරග බිමේ

  👤  3249 readers have read this article !
By mawbima 2017-04-20

ඉෂාන් රශ්මිත

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව ශ්‍රීලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලිය සඳහා මෙවර කාණ්ඩ 11කින් පාසල් කණ්ඩායම් 81ක් තරග වදිති.
මෙම තරගාවලියේ ලීග් ක්‍රමයට පැවැත්වෙන පළමු වටය සහ දෙවැනි වටය මෙවරද පසුගිය වසරේ මෙන්ම එක් පිලකට පන්දුවට පහරදීමට හැකි උපරිම පන්දු වාර 65කට සීමා කොට පැවැත්වේ. තරගයකදී අඩුම වශයෙන් පන්දුවාර 95ක් යැවිය යුතුව ඇත.

පසුගිය වසරේදී කොළඹ නාලන්දා විද්‍යාලය ශූරතාව දිනා ගත් අතර, මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයට අනු ශූරතාව හිමිවිය.
ලීග් ක්‍රමයට පැවැත්වෙන පළමු වටයේ ඒ ඒ කාණ්ඩවල දස්කම් දක්වන කණ්ඩායම් 40ක් දෙවැනි වටය සඳහා තෝරා ගැනෙනු ඇත. දෙවැනි වටයද කාණ්ඩ 8ක් යටතේ ලීග් ක්‍රමයට පැවැත්වේ. දෙවැනි වටයේදී ඒ ඒ කාණ්ඩයන්හි දස්කම් දක්වන කණ්ඩායම් 16ක් (එක් කාණ්ඩයකින් කණ්ඩායම් 2ක් බැගින්) තෙවැනි වටයට සුදුසුකම් ලබනු ඇත.

තෙවැනි වටයේ සිට පිළිමලුන් පිටුදැකීමේ ක්‍රමයට පැවැත්වෙන අතර, මෙවර එම තරග සීමිත පන්දුවාර තරග ලෙස පැවැත්වීමට සැලසුම් කොට ඇත.
මෙවර තරගාවලියේ පළමු වටය මැයි මස දෙවැනි සතියේ සිට ආරම්භ වීමට නියමිතව ඇති අතර ජුනි මස දෙවැනි සතියෙන් අවසන් වීමට නියමිතව ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්