ඊමේල් හරහා ක්‍රියාත්මක වන භයානක පරිගණක වයිරසයක්

  👤  3184 readers have read this article !
By mawbima 2017-04-20

හර්ෂනී අර්සකුලරත්න

ඉ - තැපෑලක (ඥ ථචඪත) ස්වරූපයෙන් මේ වන විට පරිගණක වයිරසයක් අන්තර්ජාලයේ ව්‍යාප්ත වෙමින් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

තමන් වෙත ලැබෙන සැක සහිත ඊ - මේල් පණිවුඩ විවෘත කිරීමෙන් වැළැකී සිටීම ඒ සඳහා වඩාත්ම ආරක්ෂාකාරී පියවර බව සංසදයේ ප්‍රධාන තොරතුරු
තාක්ෂණ ඉන්ජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත පවසයි.
මේ වයිරසය රැන්සොම්වෙයාර් (අචදඵධථඹචපඥ) වයිරසය ලෙස හඳුනාගෙන ඇති අතර තමන්ට ලැබෙන ඊ - මේල් පණිවුඩයක ඇමුණුමක් (චබබචජඩථඥදබ) විවෘත කරන්නට යෑමේදී එම වයිරසයට තම පරිගණකයට ගොදුරු විය හැකි බවද ඒ මහතා පවසයි.
ප්‍රවෘත්ති ශ්‍රව්‍ය දෘශ්‍යපට,

පීඩි එෆ් ගොනු වශයෙන් තිබෙන ඕනෑම ඇමුණුම් සහිත ව්‍යාජ
ඊ - මේල් පණිවුඩයක් හරහා ඔබට ලැබිය හැකි අතර ඒවායින් පරිස්සම් වන ලෙසද එම සංසදය පවසයි.
පරිගණකය මේ වයිරසයට ගොදුරු වුවහොත් පරිගණකයේ තිබෙන සියලු ලිපි ගොනු, තොරතුරු, දත්ත, ඡායාරූප, ඊ - මේල් පණිවුඩ ආදී සියල්ලම යළි පරිශීලනය කිරීමට නොහැකි කේතයන් (ඥදජපරනබ) බවට පත්වන බවද චන්ද්‍රගුප්ත මහතා වැඩිදුරටත් පැවැසීය.
තම පරිගණකයේ තිබෙන වැදගත් ලිපිගොනු පින්තුර, දත්ත, තොරතුරු තවත් තැනක පිටපත් කර තැබීම (ඕචජඬභන) වඩාත් ආරක්ෂාකාරී උපක්‍රමයක් බවත් එසේම තම පරිගණකයේ ස්ථාපිත කර තිබෙන වයිරස් ගාඩය නිරන්තරයෙන් යාවත්කාලීන කර ගැනීම උචිත වන බවත් හෙතෙම පැවැසුවේය.
මේ වනවිට තම පරිගණකය මේ වයිරසයට ලක්වී ඇතැයි පැමිණිලි කිහිපයක් ලැබී තිබෙන බවද ඔහු කීවේය.
ඹඹඹ.ජඥපබ.ඨධම.තඬ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්