ඕමන්තේ ඇතින්න මරා දැමීම සොයන්න කමිටුවක්

  👤  3314 readers have read this article !
By mawbima 2017-04-20

සපුමල් ජයසේන

වවුනියාව ඕමන්ත ප්‍රදේශයේදී පසුගියදා (17දා) වනජීවී නිලධාරියකුගේ වෙඩි තැබීමකින් ඇතින්නක් මියයෑම සම්බන්ධව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සහ වනජීවී අමාත්‍යාංශයෙන්

පරීක්ෂණ දෙකක් සිදුකෙරෙන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් සී.ජී.එම්. සූරියබණ්ඩාර මහතා පවසයි.
වනජීවී සහකාර අධ්‍යක්ෂවරයකුගේ ප්‍රධානත්වයෙන් පත්කොට ඇති කමිටුවක් මඟින් සහ වනජීවී උසස් නිලධාරියකුගේ ප්‍රධානත්වයෙන් පත්කොට ඇති කමිටු දෙකක් විසින් සිදුකෙරෙන පරීක්ෂණ අද (19දා) ආරම්භ කරන බව ඒ මහතා සඳහන් කරයි. පරීක්ෂණ අවසන් වන තුරු වෙඩි තැබීම සිදුකළ නිලධාරියාට ස්ථාන මාරුවක් ලබාදී ඇතැයි ද වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියි.

ඒ සම්බන්ධව අදහස් දැක්වූ විෂය භාර අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවැසුවේ වනජීවී නිලධාරීන්ට සිය රාජකාරි කටයුතු කිරීම සඳහා විධිමත් පුහුණුවක් ලබාදීම කඩිනමින් කළයුතු දෙයක් බවයි. මේ වෙඩි තැබීම පිළිබඳ පරීක්ෂණ පවත්වන කමිටු සාමාජිකයන් පෙරේදා(18දා) කොළඹ සිට වවුනියාව බලා පිටත්ව ගොස් තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්