පෞද්ගලික බස්වල ගණනට ලංගම බස් වැඩිකරන තෙක් අලුතෙන් බලපත්‍ර දෙන්න එපා සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය

  👤  3203 readers have read this article !
By mawbima 2017-04-20

අනුරාධා හේරත්

දැනට රට තුළ ධාවනය වන පෞද්ගලික බස් රථ 25,000ට සාපේක්ෂව ලංගමයේ බස් රථද 25,000 දක්වා වැඩි කරන තෙක් කිසිදු පෞද්ගලික බස් රථයකට අලුතින් මගී ප්‍රවාහන බලපත්‍ර නිකුත් නොකළ යුතු බව සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය ඉල්ලීමක් කරයි.
ලංකා ගමනාගමන මණ්ඩලයට නව බස් රථ 10,000ක් අනිවාර්යයෙන් ලබාදිය යුතු බවට තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතා පවසයි.

ගුණාත්මක බස් සේවයක් සඳහා ලංගමයට බස් රථ 10,000ක් අවශ්‍ය බව ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාද ප්‍රකාශ කර ඇති බව ඒ මහතා පෙන්වා දෙයි.
ඒ අනුව ජනතාවට ගුණාත්මක හා විධිමත් ප්‍රවාහන සේවයක් ලබාදීමට සුදුසු හා හැකියාව ඇති ආයතනය ලංගමය බවත් ලංගමයට වැඩිපුර නව බස් රථ ලබාදී මූල්‍ය ප්‍රතිපාදන කප්පාදු නොකර ශක්තිමත්ව පවත්වාගෙන යා හැකි වාතාවරණයක් සලසන ලෙසද ඒ මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්