මහ ඇමැති අරන් ආවේ තාක්ෂණ දැනුම හා මූල්‍ය ශක්තියක් නැති සමාගමක්

  👤  3286 readers have read this article !
By mawbima 2017-04-20

බස්නාහිර පළාත් මහ ඇමැතිවරයා ඉදිරිපත් කළ කැළිකසළින් විදුලිය උත්පාදනය කිරීමේ ව්‍යාපෘති යෝජනාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්‍ෂණය හා මූල්‍ය හැකියාවක් නොමැති බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කොට ඇත.

මේ ව්‍යාපෘති වාර්තාව තාක්‍ෂණික හා මූල්‍ය ඇගයීමට ලක් කළත් අදාළ වාර්තාවෙන් පැනනැඟුණු කරුණු 17ක් සඳහා අද වන තෙක් කිසිදු ප්‍රතිචාරයක් දැක්වීමට කිසිදු අධිකාරියක් කටයුතු කර නැති බවත් එහි සඳහන් වේ. එහි මෙසේ ද සඳහන් වේ.

අදාළ ඇගයුම් වාර්තාවට අනුව ඉබ්ර්ථී එචඵබඥ බධ ඡ්දඥපඨර ඹ්බඤ. (උම්) ආයතනය මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අවශ්‍ය තාක්‍ෂණික හෝ මූල්‍ය හැකියාවක් ප්‍රමාණවත් පරිදි නොමැති බව විශේෂඥ කමිටුව නිර්දේශ කර ඇත. කසළ කළමනාකරණයේදී විධිමත් ක්‍රමවේදයකට යටත්ව තාක්‍ෂණික හා මූල්‍යමය ශක්‍යතාවක් ඇති ආයතන පමණක් තෝරා ගැනීම අතිශය වැදගත් වන අතර එසේ නොමැති අතරමැදි දේශීය හෝ විදේශීය ආයතන මෙවැනි ව්‍යාපෘති ආරම්භ කිරීමෙන් කසළ තවදුරටත් ගැටලුවක්ම පමණක් වන බව නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. කෙසේ වෙතත් බස්නාහිර මහ ඇමැතිතුමන්ට අවශ්‍යම වන්නේ නම් බස්නාහිර පළාතේ හෝ රටේ ඕනෑම තැනක ගොඩගැසෙමින් පවතින කුණු කන්දක් ආශ්‍රයෙන් විදෙස් හෝ දේශීය ආයෝජකයකු හරහා නියමු ව්‍යාපෘතියක් සිදුකර එහි සාර්ථක ප්‍රතිඵල රට හමුවේ තැබීමට කිසිදු බාධාවක් නොමැති බවද සඳහන් කර සිටිමු.

මේ වන විට විවිධ මාධ්‍ය වාර්තා මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා පැවැසුවා යැයි කියමින් සඳහන් කරන්නේ අදාළ බි්‍රතාන්‍ය කසළ කළමනාකරණ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය වූයේ පර්චස් 60ක බිම් ප්‍රමාණයක් බවයි. එහෙත් අමාත්‍යාංශයට ඉදිරිපත් කළ එස්.ජේ.පී. ආයතනයේ ව්‍යාපෘති වාර්තාවේ ඒ සඳහා අක්කර 03ක බිම් ප්‍රමාණයක් අවශ්‍ය බව දක්වා ඇත. නාගරික සංවර්ධන අධිකාරිය 2008 වර්ෂයේ පැවැති හදිසි අවශ්‍යතාව හා එවකට ශේ‍ර්ෂ්ඨාධිකරණ නියමයන්ට අනුව මීතොටමුල්ල ඉඩම තාවකාලිකව වසර 2ක කාලයක් සඳහා කැළිකසළ බැහැර කිරීම වෙනුවෙන් අක්කර 2ක ඉඩම් ප්‍රමාණයක් පමණක් ලබා දුන් අතර එම කාලය තුළ දී විධිමත් කසළ ප්‍රතිචක්‍රියකරණ ව්‍යාපෘතියක් ස¼දහා යෝජනා කැඳවා ක්‍රියාත්මක කරන ලෙස ශේ‍ර්ෂ්ඨාධිකරණය විසින් කොළඹ මහ නගර සභාවට නියම කොට ඇත. එකී නියමයන්ට අනුව කටයුතු කිරීමට කොළඹ මහ නගර සභාව අසමත් වී ඇත.

තවද 2015දී කොළොන්නාව සංවර්ධන කමිටුවට සහ නගර සභාවට කුණු කන්ද අවට පිහිටි නිවාස 380ක අවදානම සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරිය දැනුවත් කර ඇත. ඉන් නිවාස 39ක් දැඩි අවදානමක් පවතින බවත් කඩිනමින් ඔවුන් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවත් ඒ සඳහා වන විකල්ප නිවාස ලබාදීමට තම අධිකාරිය කටයුතු කරන බවත් දන්වා ඇත. ඒ කිසිදු උපදේශයකට හෝ ලියැවිල්ලකට ක්‍රියාමාර්ග ගැනීමට කොළොන්නාව දේශපාලන අධිකාරිය සේම නගර සභාව ද අපොහොසත් වී ඇත.

විධිමත් තාක්‍ෂණික අධ්‍යයනයන්ගෙන් සහ අනුමැතීන්ගෙන් පසුව කරදියාන සහ මුතුරාජවෙල කැළිකසළ බැහැර කිරීමේ සහ ප්‍රතිචක්‍රියකරණය කිරීමේ වැඩපිළිවෙළ ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී. කොළඹ එකතු වන දෛනික කසළ එකතු කිරීමට සහ ප්‍රතිචක්‍රියකරණය කිරීමට අදාළ ගිවිසුම් දෙකක් ස¼දහා පෞද්ගලික ආයතන ඉදිරිපත් කළ ව්‍යාපෘති වාර්තා විධිමත් තාක්‍ෂණික අධ්‍යනයකින් පසුව ලබාගත් අනුමැතීන්ට යටත්ව ක්‍රියාත්මක කිරීම සඳහා පසුගිය මාර්තු මාසයේදී කටයුතු කළේය. නාගරික සංවර්ධන අධිකාරිය සතු වපසරීන්ට අදාළව කළ හැකි සෑම කාර්යයක්ම නොපිරිහෙළා ඉටු කිරීමට එම අධිකාරිය කටයුතු කර ඇත.
රසිකා හේමමාලි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්