මීතොටමුල්ලේ ඛේදවාචකයට සම්පූර්ණයෙන් වගකිවයුත්තේ මෙගා ඇමැති

  👤  3282 readers have read this article !
By mawbima 2017-04-20

මීතොටමුල්ලේ ඛේදවාචකය පිළිබඳව ජනාධිපතිතුමාට හෝ ආණ්ඩුවට චෝදනා කළ නොහැකි බවත් එහි සම්පූර්ණ වගකීම භාරගත යුත්තේ මහනගර (මෙගා පොලිස්) ඇමැති පාඨලී චම්පික රණවක මහතා බවත් බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය පවසයි.
හෙතෙම මෙසේද කීය.

මේ අති විශාල කුණු කන්ද පිළිබඳව පරිසර සංවිධානත්, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ හා නාය යෑම් පර්යේෂණ හා ආපදා කළමනාකරණ ආයතනයත් මීට වසරකටත් කලින් අවදානම පැවැසුවා. ඒ අනුව මම එංගලන්ත සමාගමක් සමඟ සාකච්ඡා වට ගණනාවක් පවත්වා ඒ සමාගමේ ඉන්ජිනේරුවන් ඇතුළු කණ්ඩායම් කීපයක්ම පැමිණ කුණු කන්ද රැගෙන යන්නත් ඒ සඳහා අපට යම් මුදලක් ගෙවන්නත් එකඟ වුණා.
ඔවුන් අපෙන් ඉල්ලා සිටියේ ඔවුන්ගේ ප්‍රතිචක්‍රියකරණ යන්ත්‍රාගාරය සඳහා තාවකාලික පර්චස් 60ක ඉඩම් ප්‍රමාණයක් පමණයි. අපෙන් සත පහකවත් මුදලක් වැය නොකර අපට ආදායමකුත් එක්ක මේ විපතෙන් මිදෙන්න එදා කටයුතු යෙදුණා.

සියලු කටයුතු පෙළගැසී තිබෙද්දී මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා පර්චස් 60ක ඉඩමක් දීමට එරෙහි වුණා.
ඒ විතරක් නොවෙයි. එම අමාත්‍යාංශයෙන් අපට අපූරු ලියුමක් එවා තිබුණා. ඒක සමච්චලයට එවා තිබුණේ. ඒකෙන් කියල තිබුණේ අවුරුද්දකින් පසු කුණු කන්ද එම අමාත්‍යාංශයෙන් ඉවත්කොට හමාර වීමෙන් අනතුරුව ඉල්ලා ඇති ඉඩම ලබාදිය හැකි බවයි.
ඒ ලියුම අපි පරිස්සම් කර තබාගෙන සිටිනවා.

කමල් මහේන්ද්‍ර වීරරත්න

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon