අම්බලන්ගොඩ ඇළේගොඩදී වෙඩි තබා පුද්ගලයකු මැරූ සැකකරුවන් දෙදෙනා අල්ලයි

  👤  3193 readers have read this article !
By mawbima 2017-04-20

චාමර අමරසූරිය

අම්බලන්ගොඩ, මාමඩල ඇළේගොඩ ප්‍රදේශයේ පුද්ගලයන් සිවු දෙනකුට වෙඩි තබා තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයකු ඝාතනය කර අනෙක් තිදෙනාට බරපතළ තුවාල කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් දෙදෙනකු තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් ඊයේ (19දා) අත්අඩංගුවට ගෙන තිබේ.
ඉකුත් 15 වැනි දින රාත්‍රි 7.00ට පමණ මෙම සිද්ධිය වාර්තා විය.

මෙම සැකකරුවන් දෙදෙනා ඇළේගොඩ ඩී.07 ඇළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් 41 සහ 49 යන වයස්වල පසුවන අය බවද පොලිසිය පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon