බිරියට පිහියෙන් ඇන සිරුරට ගිනි තබා මරා සැමියාත් ගිනි තබාගෙන මැරිලා

  👤  3363 readers have read this article !
By mawbima 2017-04-20

අක්මීමන - තේජා සිංහබාහුු රත්ගම - ගුණපාල ඉරත්නවල්ලි

අක්මීමන පුහුල්හේන ප්‍රදේශයේදී කාන්තාවකට පිහියෙන් ඇන සිරුරට ගිනි තබා ඝාතනය කළ බව කියන එම කාන්තාවගේ සැමියාද සිරුරට ගිනි තබාගෙන මියගොස් ඇතැයි අක්මීමන පොලිසිය පවසයි.

පසුගියදා (17දා) සවස මේ දෙදෙනා අතර ආරවුලක් ඇතිවී තිබෙන බව පැවැසේ. සැකකාර මියගිය පුරුෂයා එම බිරියගෙන් වෙන්වී ජීවත්ව ඇත. අදාළ කාන්තාවද පුහුල්හේන ප්‍රදේශයේ වෙළෙඳසලක් පවත්වාගෙන යමින් තනිව ජීවත්ව ඇත. වසරක පමණ කාලයක් ඔවුන් වෙන්ව ජීවත්ව ඇති අතර පසුගියදා (17දා) මේ මියගිය පුරුෂයා බිරියගේ වෙළෙඳසලට පැමිණ ආරවුලක් ඇතිකර ගෙන ඇත. පසුව ආරවුල දුරදිග යෑමෙන් පසු පුරුෂයා විසින් බිරියට පිහියෙන් ඇන සිරුරට ගිනි තබා ඇති අතර, පසුව ඔහුද සිරුරට ගිනි තබාගෙන ඇත. බරපතළ තුවාල ලබා සිටි මේ යුවළ කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටියදී ඔවුන් දෙදෙනා පෙරේදා (18දා) දහවල් මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් තිබුණේ පුහුල්හේන, අක්මීමන පදිංචි ඉන්ද්‍රානි නම් 49 හැවිරිදි කාන්තාවක් හා සුනිල් නමැති 50 හැවිරිදි ඇයගේ ස්වාමිපුරුෂයාය.

සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු අක්මීමන පොලිසිය මඟින් සිදු කෙරේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්