අහුන්ගල්ලේ මාරක රිය අනතුරෙන් කාන්තාවක් මරුට 16ක් රෝහලේ

  👤  3189 readers have read this article !
By mawbima 2017-04-20

ඉමදුව - ටී විතානවසම් බද්දේගම - ඕ. කමලනාථ ගාල්ල - විමුක්ති ගාල්ලගේ, එස්. පරණවිතාන

අහුන්ගල්ල පොලිස් වසමට අයත් ගාලු පාරේ මාර ගස් දෙක අසල පෙරේදා (18දා) රාත්‍රී සිදු වූ මාරක රිය අනතුරෙන් කාන්තාවක් මියගොස් ඇත.
මෙම අනතුරින් පුද්ගලයන් 09 දෙනකු හා කුඩා දරුවන් 08 දෙනකු තුවාල ලබා ඇති අතර ඉන් බරපතළ තත්ත්වයේ සිටි පුද්ගලයන් 03 දෙනෙක් හා ළමයින් දෙදෙනෙක් කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

රෝහල් ගත කරන ලද පිරිසෙන් කාන්තාවක් ඊයේ (19දා) උදෑසන 6ට පමණ මියගොස් ඇති බව පොලිසිය පවසයි. මෙම අනතුර පෙරේදා (18දා) රාත්‍රි 9.50ට පමණ සිදුව ඇති අතර අකුරැස්ස ප්‍රදේශයේ සිට කුරුණෑගල දක්වා ගමන් ගත් ඩීමෝ බට්ටා වර්ගයේ ලොරියක් එම රථයේ රියැදුරුට නින්ද යෑම හේතුවෙන් අනතුරට ලක්ව තිබේ.

මියගිය කාන්තාව වයස අවුරුදු 45ක් වන අතර ඇය අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකාරියක් බව පොලිසිය පවසයි.
අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ අහුන්ගල්ල පොලිසිය සිදුකරනු ලබයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon