හබරාදුවේ හා අහංගම රිය අනතුරු දෙකක්

  👤  3272 readers have read this article !
By mawbima 2017-04-20

ගාල්ල - විමුක්ති ගාල්ලගේ , එච්. පරණවිතාන ඉමදුව - ටී. විතාන වසම් , බද්දේගම - ඕ. කමලනාථ, රත්ගම - ගුණපාල ඉරත්නවල්ලි

අහංගම හා හබරාදුව සිදුවූ රිය අනතුරු දෙකකින් කුඩා ළමයෙක් හා කාන්තාවක් මරණයට පත්ව ඇතැයි අංහගම හා හබරාදුව පොලිසි පවසයි.
හබරාදුව පොලිස් කොට්ඨාසයේ 18 වන දින රාත්‍රියේ කටුකුරුන්ද ප්‍රදේශයේදී යතුරුපැදියක් හා මෝටර් රථයක් එකිනෙකට ගැටීමෙන් කුඩා දරුවකු මියගොස් ඇත. මීපේ ප්‍රදේශයේ පදිංචි එම දරුවා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ (19දා) උදෑසන මියගිය බව ගාල්ල කරාපිටිය රෝහල් පොලිසිය පවසයි.
ඉකුත් 13 වන දින අහංගම නගරයේදී සිදුවූ අනතුරකින් ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු 39ක් පමණ වූ කාන්තාව ඊයේ (19දා) දින උදෑසන මියගොස් ඇත.

ටිපර් රථයක හෝ ලොරි රථයක මෙම කාන්තාව ගැටී ඇත. වාහනයේ රියැදුරු කවුද යන්න හඳුනාගෙන නැති අතර මේ සම්බන්ධයෙන් මේ වන විට පොලිස් පරීක්‍ෂණ පවත්වන අතර සැකකාර රියැදුරු හෝ වාහනය කුමක් ද යන්න අනාවරණය කර ගන්නට නොහැකිව ඇතැයි අහංගම පොලිසිය පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්