අධිසැර විදුලි කණු දෙකක් දෙකඩ කළ හික්කඩුව රිය අනතුර

  👤  3314 readers have read this article !
By mawbima 2017-04-20

බද්දේගම - ඕ. කමලනාථ ඉමදුව - ටී. විතානවසම්

බද්දේගම හික්කඩුව ප්‍රධාන මාර්ගය නලාගස්දෙණිය ප්‍රදේශයේදී පෙරේදා (18දා) රාත්‍රි 11.30ට පමණ මෝටර් රථයක් අධිසැර විදුලි කණුවක ගැටීමෙන් අධිසැර විදුලි කණු දෙකක් කඩා වැටී තිබේ. අනතුරින් මෝටර් රථයට දැඩි අලාභහානි සිදුවී ඇතැයි හික්කඩුව පොලිසිය කියයි. මෝටර් රථයේ ගමන් කළ කිසිවකුට අනතුරක් සිදු වී නැත.

බද්දේගම සිට හික්කඩුව දෙසට ධාවනය කරමින් තිබියදී පතන වංගුව පසු කිරීමේදී මෝටර් රථය පාරෙන් ඉවතට පැන අධිසැර විදුලි කණුවක ගැටී තිබේ. රැහැන් සමඟ විදුලි කණුව කඩා වැටීමෙන් තවත් විදුලි කණුවක් කඩා වැටී තිබේ.

මේ සම්බන්ධයෙන් බද්දේගම ප්‍රාදේශීය විදුලි ඉන්ජිනේරු කාර්යාලයේ විදුලි ඉන්ජිනේරු බී.එම්.ඒ. ප්‍රියදර්ශන මහතාගෙන් විමසීමේදී කීවේ අලාභය ඇස්තමේන්තු කර නොමැති බවත් විදුලි සැපයුම හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් තිබෙන බවයි. අලාභයේ ඇස්තමේන්තුව පොලිසියට යොමු කර මෝටර් රථයේ හිමිකරුගෙන් අයකර ගැනීමට කටයුතු කරන බවද විදුලි ඉන්ජිනේරුවරයා කීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්