මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් පවුල් 246ක 1059ක් අවතැන්

  👤  3142 readers have read this article !
By mawbima 2017-04-20

සවනි ශේශාධි

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය සකස් කළ ආපදා සිද්ධි වාර්තාව අනුව ඉකුත් 14දා සවස 3ට පමණ මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් දහම්පුර ග්‍රාම නිලධාරි වසමේ පවුල් 246 සාමාජිකයන් 1,059 දෙනකු ආපදාවට ලක්ව ඇත. මරණ සංඛ්‍යාව 32කි. තුවාල ලැබූ සංඛ්‍යාව 11කි. පූර්ණ වශයෙන් නිවාස 79 කටත්, අර්ධ වශයෙන් නිවාස 17කටත් හානි සිදුවී ඇත.

මීතොටමුල්ල කුණු කන්ද නාය ගොස් පැය තුනකට පමණ පසු සවස 6.00ට පමණ 60 හැවිරිදි ගාමිණී වික්‍රමසිංහගේ මළ සිරුර සොයාගෙන ඇත. ඉන් විනාඩි 20කට පසු 6.20ට පමණ ‍ෙදාළොස් වියැති චේතනා සමාධි දැරියගේ මළ සිරුර හමුවී ඇත. රාත්‍රි 9.40ට පමණ 14 හැවිරිදි ෆාතිමා හම්රා නස්ලිම් දැරියගේත්, රාත්‍රි 10.00ට පමණ ටී. කේ. වයි. එච්. වරංගා නම් 11 හැවිරිදි දැරියගේත්, රාත්‍රි 11.07ට පමණ 14 හැවිරිදි ඉමාෂා ගිම්හානි දැරියගේත්, රාත්‍රි 11.10ට පමණ 37 හැවිරිදි ෆාතිමා ෆඩීරා වසීම් නම් කාන්තාවගේ මළ සිරුරු සොයා ගැනීමට හැකිවිය. අප්‍රේල් 14දා දිනය අවසන් වනවිට අතුරුදන් වූ පුද්ගලයන්ගේ මළ සිරුරු හතක් සොයා ගැනිණි. අප්‍රේල් 15 වැනිදා සසිකුමාර් දිනුවන් (11), සසිකුමාර් වීරතිකා (11), වී. පී. නන්දසිරි (46), වී. පී. චරක කෞෂල්‍ය (18), වී. පී. ඕෂධ ගිම්හාන (09), එස්. එම්. ගයනි (43), අමිත් ගිම්හාන් (18), විනීතා ජයසේකර (54), අශිනි ජයසුන්දර (20), ටී. කේ. අරවින්ද (43), ඩී. එම්. නිහාල් ගුණසේකර (52) එම්. එන්. ෆාතිමා ෆසිනා (49), මධුෂාන් වික්‍රමසිංහ (18), චන්ද්‍රා මානෙල් (67) යන 14 දෙනාගේ මළ සිරුරු සොයා ගැනිණි.

ඉකුත් 16 වැනිදා සිදු කළ මෙහෙයුම්වලදී ඒ. එම්. කවිඳු ලක්ෂාන් (20), ඩබ්. ඒ. ජයසිංහ (60) ශිවන්ති කළුආරච්චි (36), ධනංජනා කුරේ (12), නූර් සුවදා (60), ගේ්‍රස් විජේනායක (84) යන සයදෙනාගේ සිරුරු සොයා ගත් අතර 17 වැනිදා අහමඩ් අලි සඩින් (14), උන්නු රසිනා ක්‍රිසිලාන්, අහමඩ් සහිම් සලි (18) යන තිදෙනාගේ සිරුරු සොයා ගැනිණි. අප්‍රේල් 18 වැනිදා සොයාගත් මෘත ශරීර සංඛ්‍යාව 32 දක්වා ඉහළ ගොස් තිබූ අතර 58 හැවිරිදි මානෙල් මංගලිකා නම් කාන්තාවගේ සහ අවුරුදු 8 වයසැති කුඩා දරුවකුගේ සහ 52 හැවිරිදි කාන්තාවකගේ මළ සිරුරුද ඒ අතර විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon