අපේ සැලැසුම් ක්‍රියාත්මක කළා නම් මීතොටමුල්ලේ මේ විනාශය සිදුවෙන්නේ නැහැ

  👤  3176 readers have read this article !
By mawbima 2017-04-20

රටේ දැන් යහපාලනයක් ක්‍රියාත්මක වන නිසා මෙවර මැයි රැලිය ශ්‍රී ලනිපය හා එජාපය එකට එක්වී පැවැත්විය යුතුව තිබුණු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ 18දා මහනුවර දී පැවැසීය.

හිටපු ජනාධිපතිවරයා මාලිගාවට ගොස් දළදා වහන්සේ වැඳ පුදාගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මෙසේද කීය.
'අප ඉදිරිපත් කළ සැලැසුම ක්‍රියාත්මක කළේ නම් මීතොටමුල්ලේ මේ විනාශය සිදු වෙන්නේ නැහැ. පසුගිය ආණ්ඩුව, පසුගිය ආණ්ඩුව කිය කියා වසර දෙකයි මාස හතරක්ම ගත වෙලා. හැම දෙයකටම රාජපක්ෂ ආණ්ඩුව වගකියන්න ඕනෑ කියනවා. මේක මහා බොලඳ කතාවක්. දැන් දැන් ජනතාවටත් එය තිත්ත වී තිබෙනවා.
අවුරුදු නැකැත් ප්‍රශ්නය නැකැත් පිළිබඳව ජනතාවගේ විශ්වාසය නැති කරන්න යන කුමන්ත්‍රණයක්ද දන්නේ නැහැ. අවුරුදු නැකැත් අනුව මෙතෙක් කල් අප සියලු දෙනාම එකම වෙලාවකට කටයුතු කළා. ආණ්ඩුව සහ සංස්කෘතික අමාත්‍යාංශය මීට වඩා ජනතාවට ඇහුම්කන් දිය යුතුයි. සියලු දෙනාටම එකඟ විය හැකි නැකැතක් අපට ඉදිරිපත් කරන්න ඒ අයට තිබුණා. ඒ අයට අපලයි, මේ අයට අපලයි කියලා නැකැත් හදන්න බැහැ. මේ ප්‍රශ්න පිටරට බලවේග විසින් ඇති කරනවද කියලා මට හිතෙනවා.

රටේ සංස්කෘතියට ගැසුවම ජනතාව භේද වෙනවා. ඉන් දැන් පවතින භේදය තවත් වැඩි වෙනවා.
මම දැන් ඉන්නේ විපක්ෂයේ. ජනතා බලය හැර වෙන බලයක් දැන් මට නැහැ. විධායක බලය ඇති අය ඒවා කළ යුතුයි.
මැයි පළමුවැනිදාට බලාගන්න පුළුවන් පෙළපාළියට වැඩි සෙනඟක් එන්නේ කොයි පිලටද කියලා. මැයි රැලිවලට ආණ්ඩුවේ සේවකයන් බලෙන් ගෙන ගොස් පලක් නැහැ. මේ අයට තිබුණේ කැම්බල් සහ ගැටඹේ නොගිහින් එකතැනක මැයි රැලිය පවත්වන්න. මොකද දැන් මේ දෙකම එකයිනේ. අද තියෙන්නේ යහපාලනේනෙ.
ගයා ශ්‍රී කාරියවසම්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon