රණවිරුවන්ට එල්ල කර ඇති චෝදනා නිෂ්ප්‍රභ කරන්න

  👤  3152 readers have read this article !
By mawbima 2017-04-20

සවනි ශේශාධි

එක්සත් ජාතීන්ගේ 34 වැනි මානව හිමිකම් සැසිවාරයට ශ්‍රී ලාංකික රණවිරුවන්ගේ නි‍ෙදාස් භාවය විදහා දක්වමින් විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර විසින් ඉදිරිපත් කරන ලද "විරුවන්ගේ විත්ති වාචකය" (ධ්ද ච්ඥටඥදජඥ ධට බඩඥ චපථඥඤ ටධපජඥඵ ධට ඉපඪ තචදඬච) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ විශේෂ සැසිවාරයකට ඉදිරිපත් කර රණවිරුවන්ට එල්ල කර ඇති සියලු චෝදනා නිෂ්ප්‍රභ කරන ලෙස ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටී.

එක්සත් අරාබි එමිර් රාජ්‍ය, ස්විට්සර්ලන්තය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, ඊශ්‍රායලය, ජපානය, කොරියාව යන රටවල ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ සම සභාපතිවරුන්ගේ අස්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත යවා ඇති මේ ලිපියෙන් සිවිල් ජනතාව වෙත කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරීම, යුද බිම ආශ්‍රිතව සිටින සිවිල් ජනයාට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නොයැවීම, සාපරාධී මනුෂ්‍ය ඝාතන, බලෙන් අතුරුදන් කිරීම, කෘෘර වද හිංසා පැමිණවීම, ලිංගික අතවර කිරීම ආදී ලෙසට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසම ඒ/ඩ්අඛ්/30/ඹ්.29 ප්‍රඥප්තියෙන් රණවිරුවන්ට එල්ල කර ඇති චෝදනා නිෂ්ප්‍රභ කිරීම සඳහා ඉදිරිපත් වන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

ඊළාම්වාදී ඩයස්පෝරාව හා යුරෝපා රටවල් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව විශාල රැවටිල්ලකට ලක් කර තිබෙන අයුරින්ම ලංකාවේ ඊළාම්වාදී සහ දේශද්‍රෝහී දේශපාලකයන් ජනාධිපතිවරයා රැවටිල්ලකට පත් කර ඇතැයිද එම ලිපිය මඟින් කියා සිටී.
ශ්‍රී ලාංකික රණවිරුවන්ගේ නි‍ෙදාස්භාවය විදහා දැක්වීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කරන ලද එකම සහ ප්‍රථම වාර්තාව "විරුවන්ගේ විත්ති වාචකය" එක්සත් ජාතීන්ගේ විශේෂ සමුළුවකට ඉදිරිපත් කර 34 වැනි මානව හිමිකම් සමුළුවේදී තවදුරටත් ක්‍රියාත්මක කිරීමට කල් සහ බලාත්මක කරගන්නා ලද ප්‍රඥප්තියේ සාවද්‍යභාවය එම සමුළුවේදීම තහවුරු කරන ලෙස එම ලිපිය මඟින් තවදුරටත් ඉල්ලා සිටී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon