රාජ්‍ය සේවයේ රැකියා පුරප්පාඩු 20,000කට ලබන මාසයේ සිට උපාධිධාරින් ගන්න යයි

  👤  3383 readers have read this article !
By mawbima 2017-04-20

පණ්ඩුක සමරසේකර

රාජ්‍ය සේවයේ හඳුනාගත් 20,000ක රැකියා ඇබෑර්තු සඳහා මැයි මාසයේ සිට උපාධිධාරීන් බඳවා ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් උපාධිධාරී සංගමයේ සභාපති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නියෝගයක් මත මේ දිනවල රාජ්‍ය සේවයේ ඇති රැකියා පුරප්පාඩු පිළිබඳව සංගණනයක් සිදුකෙරෙන බවත් ඒ අනුව දළ වශයෙන් මේ වනවිට 20,000ක පමණ පුරප්පාඩු සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බවත් පැවැසූ අමාත්‍යවරයා එම පුරප්පාඩු පිරවීම සඳහා අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයේද සහයෝගය ලබා ගෙන මුදල් අමාත්‍යාංශයේ අනුමැතියෙන් පසුව එම රැකියා ලබාදීමට සැලසුම් කර ඇති බවද විදුලිබල අමාත්‍යාංශයේ ඊයේ (19දා) පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

තරගකාරි ක්‍රමවේදයක් තුළ සුදුසු අයට රැකියා දීමේ වැඩපිළිවෙළක් මේ අනුව සිදුකරන බවත් ඒ ඒ රැකියා පුරප්පාඩු සඳහා තරග විභාගයක් තුළින් නියම සුදුස්සා තෝරා ගැනීම ඉතාම සුදුසු ක්‍රමවේදය බවත් මෙහිදී ප්‍රකාශ කළ ඇමැතිවරයා විශේෂයෙන් යම් තනතුරක් සඳහා ඉල්ලුම් කර ඇති උපාධිධාරීන්ගේ සංඛ්‍යාව වැඩි නම් අනිවාර්යයෙන්ම තරග විභාගයක් තුළින් වඩාත්ම සුදුස්සා තෝරාගන්නා බවද ප්‍රකාශ කෙළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්