ටී.අර්ජුන උපහාරයට ‘වසන්තයේ දවසක්’ විකාශය කෙරේ

  👤  3148 readers have read this article !
By mawbima 2017-04-20

චාමිණී ගම්මන්පිල

අභාවප්‍රාප්ත ප්‍රවීණ විත්‍රපට අධ්‍යක්ෂ ටී. අර්ජුන මහතාට උපහාර පිණිස අද (20දා) දහවල් 12.45ට ස්වාධීන රූපවාහිනි සේවය ඔස්සේ ඒ මහතා අධ්‍යක්ෂණය
කළ 'වසන්තයේ දවසක්' චිත්‍රපටය විකාශය කිරීමට නියමිතය.
1979 වසරේ තිරගත වූ 'වසන්තයේ දවසක්' චිත්‍රපටයේ ජෝ අබේවික්‍රම, මාලිනී ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය ප්‍රධාන චරිත නිරූපණය කළ අතර එය සංගීතවත් කළේ ප්‍රේමසිරි කේමදාසයන්ය. කුමාර කරුණාරත්නයන්ගේ නවකතාවක් ඇසුරින් නිර්මාණය වූ 'වසන්තයේ දවසක්' ජනාධිපති සම්මාන 8කින්ද පිදුම් ලැබීය.
සම්මානලාභී චිත්‍රපට අධ්‍යක්ෂ අර්ජුන මහතාගේ අවසන් කටයුතු අද සවස 4.00ට බොරැල්ල කනත්තේදී හින්දු චාරිත්‍රානුකූලව සිදු කිරීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon