ඩෙංගු රෝගයට ගොදුරු වූ රාලහාමි නුවරට ගෙනයද්දී මියගිහින්

  👤  3200 readers have read this article !
By mawbima 2017-04-20

වාන්ඇළ - රවීන්ද්‍ර ගීගනගේ

ත්‍රිකුණාමලය වරාය පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයකු ඩෙංගු රෝගයට ගොදුරු වී වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ශික්ෂණ රෝහලට කින්නියා රෝහලේ ගිලන් රථයකින් රැගෙන යද්දී පෙරේදා (18දා) අතරමඟදී මියගිය බව කින්නියා මූලික රෝහල කියයි.
මෙසේ මියගියේ කින්නියා කුරුඤ්ඤංකේනි පදිංචි අබු හනිපා නහීම් (44) නමැති (85775) පොලිස් කොස්තාපල්වරයෙකි. තිදරු පියකු වන ඔහු ඩෙංගු රෝගයට ගොදුරු වී කින්නියා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු රෝගය උත්සන්න වීම නිසා වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ශික්ෂණ රෝහලට රැගෙන යද්දී මාතලේ ප්‍රදේශයේදී මියගොස් තිබේ. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගයෙන් මේ වසරේ මියගිය 16 වැනියා වන්නේ මෙම කොස්තාපල්වරයාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්