මීතොටමුල්ලේ ඛේදවාචකය සිහි කොට මඩකළපු වැසියෝ සොව පළ කරති

  👤  3216 readers have read this article !
By mawbima 2017-04-20

මඩකළපුව - ජේ. ඛාන්

මඩකළපුව දිස්ත්‍රික්කයේ විවිධ ස්ථානවල මීතොටමුල්ලෙහි මරණයට පත් වූවන්ට උපහාර සිදුවේ.
මඩකළපුව දිස්ත්‍රික් විරැකියා උපාධිධාරීන්ගේ සංගමේ සභාපති ටී. තිරුෂාන්ත්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උළෙලට විශාල පිරිසක් එක්වූහ.
මරණයට පත් වූවන්ට මල් උපහාර සිදු කර පහන් දල්වා විනාඩි දෙකක නිහඬතාවක් පවත්වන ලදී. මීතොටමුල්ලෙහි හානියට පත් සියලු දෙනාටම ඉක්මනින්ම සහනාධාර ලබාදීමට යහපාලන රජය ඉක්මන් පියවර ගත යුතු බවට මෙහිදී උපාධිධාරීන් විසින් ඉල්ලා සිටින ලදී. තවද අදාළ ස්ථානයේ ජනතාවට සියලුම පහසුකම් ලබාදිය යුතු බවත් නොමැතිනම් ඒවා ලබාගැනීමට සහාය පිණිස උද්ඝෝෂණ පවත්වන බව උපාධිධාරීහු පැවසූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්