මීතොටමුල්ලේ මියගිය පිරිස වෙනුවෙන් ඩයගම තේ වතුයායේදී නිහඬ විරෝධතාවක්

  👤  3155 readers have read this article !
By mawbima 2017-04-20

හැටන් _ චන්න අද්දරගේ

මීතොටමුල්ල කසළ කන්ද කඩාවැටීමෙන් විපතට පත්වූ ජනතාව වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීමට තලවකැලේ, ඩයගම තේ වතුයායේ බටහිර කොටසේ වතු කම්කරුවෝ ඉකුත්දා නිහඬ විරෝධතාවක් සංවිධානය කොට තිබිණි.
ඉකුත්දා (17දා) දහවල් සිය කෑම වේලාවේදී එක්රැස් වූ වතු කම්කරුවන් එම අනතුරෙන් මියගිය ජනතාව වෙනුවෙන් ඉටි පහන් දල්වා විනාඩියක නිශ්ශබ්දතාවක් පළ කරමින් ශෝකය ප්‍රකාශ කළහ. මෙවන් විපත් ඉදිරියේදී සිදු නොවීමට වගකිවයුත්තන්ගේ අවධානය යොමු විය යුතු බව දන්වමින් ඔවුහු නිහඬ විරෝධතාවක්ද දැක්වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්