ඇමැති චම්පික නාගරික සංවර්ධන අධිකාරිය බදා ගැනීමෙන් රට බරපතළ ඛේදවාචකයකට ඇද වැටිලා

  👤  3219 readers have read this article !
By mawbima 2017-04-20

මතුගම - වසන්ත කුමාර

"‍ෙදාඩම් ගොඩ බදාගන්නව වගේ පළාත් පාලන ආයතනවල බලය නාගරික සංවර්ධන අධිකාරිය හරහා චම්පික රණවක ඇමැතිවරයා ලබා ගන්නවා. එතුමා පළාත් පාලන ආයතනවල බලය බදාගැනීම නිසා අද රටේ බරපතළ ඛේදවාචකයක් සිදුවෙලා රජය අපකීර්තියට පත්වුණා" යැයි ඒකාබද්ධ විපක්ෂයේ බස්නාහිර පළාත් සභා කළුතර දිස්ත්‍රික් සංසදයේ පළාත් සභා මන්ත්‍රි ලලිත් එල්ලාවල මහතා හොරණදී කීවේය.
බස්නාහිර පළාත් සභාවට අයත් මීතොටමුල්ල කුණු කන්ද කඩාවැටී සිදුවූ විපත පිළිබඳ කරුණු පැහැදිලි කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ බස්නාහිර පළාත් සභා නියෝජිතයන්ගේ කළුතර දිස්ත්‍රික් සංවිධානය මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ එල්ලාවල මහතා මෙසේද කීවේය.

මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ පිරිසුදු කරන ගමන් මේ කුණු කන්ද ඉවත් කිරීමට පැහැදිලි වැඩපිළිවෙළක් හදල තිබුණා. ඒක ක්‍රියාත්මක කරන්න කටයුතු කරද්දී අපි පරාජයට පත්වුණා.
ඉන්පසුව බස්නාහිර පළාත් සභාව ලෙස පළාත් මහ ඇමැතිතුමා මේකට ලොකු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. ඒක ක්‍රියාත්මක කරන්න හැම පක්ෂයකම පළාත් සභා මන්ත්‍රිවරු කොරියාවේ සාකච්ඡාවලට පවා යැව්වා. කොරියන් නියෝජිතයෝ ලංකාවට ආවා. සියල්ල සාකච්ඡා කරල නාගරික සංවර්ධන අධිකාරියෙන් බස්නාහිර පළාත් සභාව ඉඩම් කෑල්ලක් ඉල්ලුවා. නමුත් ඒක ලබාදීම චම්පික රණවක ඇමැතිතුමා ප්‍රතික්ෂේප කළා. එදා ඒක නොකළා නම් අද පැහැදිලිවම මේ අවාසනාවන්ත තත්ත්වය ඇතිවන්නේ නැහැ.
චම්පික රණවක ඇමැතිතුමා මුදල්වලට යටවෙලා. මේවා සල්ලි කරන්න තවදුරටත් බලාගෙන ඉන්න එපා. තමන්ගේ පෞද්ගලික ජීවිතයට මේවා අෑ¼දා ගන්න එපා. මේවායින් හම්බ කරන්න බලාගෙන නොසිට දැන්වත් ඇස් ඇරල බලන්න කියල චම්පික රණවක ඇමැතිතුමාට කියනවා. බස්නාහිර පළාත් සභාවට මේ ඉඩම් ටික දෙන්න. බලතල දෙන්න. බස්නාහිර පළාත් සභාවට ඉතා පැහැදිලිව මේක විසඳන්න පුළුවන්කම තියෙනවා.
පළාත් පාලන ආයතනවල බලතල චම්පික රණවක ඇමැතිතුමා ගන්නවා. මේකට වගකිව යුත්තේ ඔහුයි. ලැජ්ජ තියෙනවානම්, චම්පික රණවක රෙදි ඇඳල ඉන්නව නම් ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වෙන්න ඕන.

අද වෙනකොට මේ රටේ ජනතාවට මේ ආණ්ඩුවෙන් බරපතළ අසාධාරණකම් සිදුවෙමින් තිබෙනවා. ජීවන බරින් මිරිකිලා අවුරුද්දට කිරිබත් වෙනුවට කඳුළු බොන්න සිදුවුණා. මේ සියලු දෙනාට අපි ආරාධනා කරනවා මැයි පළමු වැනිදාට මේ ආණ්ඩුවට විරෝධය දක්වන්න ගාලුමුව‍ෙදාරට එන්න කියලා.
බස්නාහිර පළාත් සභා මන්ත්‍රි ලලිත් වර්ණකුමාර මහතා

මේ කුණු ප්‍රශ්නයට එක එක්කෙනාට අඟිල්ල දිගුකරල වැඩක් නැහැ. පළාත් ආයතන විසුරුවල අවුරුදු දෙකකට වැඩියි. ඒ ආයතන නැතිකම මේ විනාශයට හේතුවෙලා තියෙනවා. පළාත් පාලන ආයතනවලට තිබුණු බලය නාගරික සංවර්ධන අධිකාරිය ලබාගෙන ජනතාව අසරණ කර හමාරයි. පළාත් පාලන ආයතනවලට බලතල දුන්න නම් කොළොන්නාවේ මේ ඛේදවාචකය සිදුනොවෙන්න තිබුණා.

පසුගිය මහ මැතිවරණයේදී මේ කුණු කන්ද පෙන්වලා, කොළොන්නාවෙන් කීපදෙනකුම පාර්ලිමේන්තුවට ගියා. එහෙම ගිය අයට අද ගමට එන්න බැරිවෙලා තියෙනවා. බස්නාහිර පළාත් සභාවෙ ඉන්න සුසිල් කිඳෙල්පිටිය මහතා ජනතාවගේ වගේම රටේම කුණු හොයන මනුස්සයෙක්. නමුත් එතුමා මේ ගැන කතා කරන්නෙ නැහැ. අසාධාරණය වෙනුවෙන් ඔහු කතා කරන්නෙත් නැහැ.
බන්නාහිර පළාත් සභා මන්ත්‍රිවරුන් වන යසපාල කෝරලගේ, නීල් සුනේත්‍රලාල් මහත්වරුද කතා කළහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්