කුණු කන්ද ඉවත් කරනවා

  👤  3370 readers have read this article !
By mawbima 2017-04-20

පහන් විජේසේකර

පරිසරයට හානි නොවන පරිදි පරිසර නීතියට අනුකූලව කටයුතු කරමින් මීතොටමුල්ල කුණු කන්ද එම ප්‍රදේශයෙන් ඉවත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන්
කෙළේය.

මීතොටමුල්ල ප්‍රදේශයේ ජනතාවගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කොට මියගිය පුද්ගලයන්ගේ මළ සිරුරු ගොඩගැනීම සිදු කරමින් පවතින බවත් කුණු කන්දෙන් වන හානිය වැළැක්වීමට රජය කටයුතු කරමින් සිටින බවත් අගමැති වික්‍රමසිංහ මහතා පැවැසීය.
සිදුවූ ආපදාව හේතුවෙන් නිවාස අහිමි වූ ජනතාවට නිවාස ලබාදීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණයක් ගෙන ඇතැයි පැවැසූ අග්‍රාමාත්‍යවරයා මැයි, ජුනි මාසවලදී එම නිවාසයන්හි ජනතාව පදිංචි කරවන තුරු විකල්ප සහන වැඩසටහන් යොදා ඇති බවත් පෙන්වා දුන්නේය.
විනාශ වී ගිය සියලු බඩු භාණ්ඩ පිළිබඳව තක්සේරු කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බවත් ලබන සිකුරාදා වන විට සම්පූර්ණ කත්සේරු වාර්තාවක් අවසන් කර ගත හැකි වන බවත් පැවැසීය.

අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කෙළේ පසුගියදා සිදුවූ මීතොටමුල්ල කුණු කන්ද නායයෑමේ සිද්ධිය නිරීක්ෂණයට සහ ඉන් පීඩාවට පත්ව සිටින ජනතාවගේ සුවදුක් විමසීම සඳහා ඊයේ (19දා) මීතොටමුල්ල ශ්‍රී රාහුල විද්‍යාල භූමියට පැමිණි අවස්ථාවේදීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්