කවුරු විරුද්ධ වුණත් හඳුනාගත් තැන්වල කුණු දානවා

  👤  3204 readers have read this article !
By mawbima 2017-04-20

ඉෂාරා සිල්වා

කසළ බැහැර කිරීම සඳහා හඳුනාගෙන තිබෙන ස්ථාන කිහිපයට එම කසළ බැහැර කරන බවත් වගකීම් විරහිත විරෝධතා මතු වුණද කසළ බැහැර කිරීම පිළිබඳව රජයේ ස්ථාවරය ස්ථිර බවත් ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි. කසළ පිළිබඳ ලෝකය භාවිත කරන ක්‍රමවේද අනුගමනය කරමින් කොළඹ නගරයේ කසළ ප්‍රශ්නය විසඳීමට බලාපොරොත්තු වන බවත් ඇමැතිවරයා කීය.
කොළඹ නගරයේ එකතු වන කසළ ස්ථාන කිහිපයකටම රැගෙන යෑමට උත්සාහ කිරීමේදී විරෝධතා මතු වුණද රජයේ ස්ථාවරය අනුව කසළ එම නම් කළ ස්ථානයන්ටම ගෙනයන බවත් කසළ ප්‍රතිචක්‍රියකරණයට යොමු කරන බවද ඔහු කීය.

බොහෝමයක් දෙනාට තිබෙන්නේ විවේචනයක් විරෝධයක් පමණක් බවත් ඒ සියල්ල වගකීම් විරහිත විරෝධතාවන් වන අතර ඒවාට රජය යට නොවන බවත් හෙතෙම කීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්