කුණු දාන තැන්වල STF සීරුවෙන්

  👤  3141 readers have read this article !
By mawbima 2017-04-20

චාමර අමරසූරිය

මීතොටමුල්ල කසළ කන්ද නාය යෑමෙන් අනතුරුව කොළඹ ප්‍රදේශයේ එක්රැස් වන කුණු කසළ දැමීමට කොළඹ මහ නගර සභාව තීරණය කළ පිළියන්දල, කරදියාන, කොටිකාවත්ත, පැපිලියාන, ‍ෙදාම්පේ, කිරිඳිවැල ආදී ප්‍රදේශවල ඇතිවන කලහකාරී තත්ත්වයන් මර්දනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් සීරුවෙන් තබා ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්. ආර්. ලතීෆ් මහතා 'මව්බිම'ට පැවැසීය.
මේ ප්‍රදේශවල ස්ථාපිත කසළ බැහැර කරන ස්ථාන හා ඒ අවට ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාව තර කර ඇති අතර ගැටුම්කාරී තත්ත්වයක් උද්ගත වුවහොත් ඒවා පාලනය කිරීම සඳහා පොලිසියට අවශ්‍ය සහායද ලබා දෙන බව ලතීෆ් මහතා සඳහන් කෙළේය.

කොළඹ මහ නගර සභාවේ ටිපර් රථ, කසළ ලොරි, ට්‍රැක්ටර් මේ ප්‍රදේශයන්ට කසළ රැගෙන ඒමත් සමඟ ප්‍රදේශවාසීන් ප්‍රධාන මාර්ගවල ටයර් පුලුස්සමින් මාර්ග අවහිර කොට විරෝධතාද මේ වන විට ක්‍රියාත්මක කර තිබේ. මේ විරෝධතාවලින් කොළඹ මහ නගර සභාවේ රථලට සහ සේවකයන්ට විය හැකි හානි මැඬලීම සඳහා විශේෂ පොලිස් සැලැසුම්ද ශ්‍රී ලංකා පොලිසිය විසින් ක්‍රියාත්මක කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon