කඩිනමින් සහන දෙන්න ජනපතිගෙන් උපදෙස්

  👤  3211 readers have read this article !
By mawbima 2017-04-20

ඉෂාරා සිල්වා

මීතොටමුල්ල සිද්ධියෙන් පූර්ණ හානි සිදු වූ නිවාස අහිමි පවුල් 98කට නිවාස ලබා දීමේ වැඩපිළිවෙළ අද (20දා) දින සිට ආරම්භ කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන උපදෙස් ලබාදී තිබේ.
විපතට පත් ජනතාවට සහන සැලසීම පිළිබඳ ඊයේ (19දා) පෙරවරුවේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. මීතොටමුල්ල ප්‍රදේශයේ අවදානම් කලාපයේ සිටින පිරිස ඉවත් කිරීමට මූලිකත්වය ලබා දෙමින් ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් සැලැසීමේ කටයුතු ශක්තිමත් කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී නියෝග ලබා දුන් අතර යුද හමුදාවේ පූර්ණ මෙහෙයවීමෙන් ඉදිරි මාස කිහිපය ඇතුළත ප්‍රදේශයේ කුණු ඉවත් කිරීමේ කටයුතු සිදු කිරීමට හා අනවසර පදිංචි තහනම් කිරීමටද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නේය.

විපතට පත් ජනතාවට වන්දි ලබාදීමේ කටයුතු පිළිබඳවද අවධානය යොමු කරමින් අවශ්‍ය කටයුතු සිදු කළ යුතු බවත් විපතට පත් ජනතාවට සහන සැලැසීම සඳහා මේ දක්වා සියලු ආයතනවලින් ලබාදුන් සහන ඉදිරියේදීත් බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්