අවට ජනතාව ලොකු උවදුරක

  👤  3172 readers have read this article !
By mawbima 2017-04-20

සිදත් මෙන්ඩිස්

මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමත් සමඟ ඒ අවට ප්‍රදේශවල කෙටිකාලීන සහ දිගුකාලීන සෞඛ්‍ය ගැටලු රැසක් පැතිර යෑමේ දැඩි අවදානමක් පවතින බවත් බලධාරීන් ඒ පිළිබඳව අවධානය යොමුකර නොමැති බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
මදුරුවන්ගේ ගහනය වැඩිවීමෙන් ඩෙංගු රෝගයත්, මීයන්ට වාසස්ථාන අහිමි වීමෙන් එම සතුන් නිවාසවලට ඇතුළු වීම හරහා මී උණ රෝගය වැලඳීමත් ආහාරවලට වැඩි වශයෙන් මැස්සන් පැමිණීමෙන් සහ පලා වර්ග ආහාරයට ගැනීමෙන් පාචනය රෝගයත් කෙටිකාලීන සෞඛ්‍ය ගැටලු ලෙස වර්ධනය වීමේ අවදානමක් පවතින බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා 'මව්බිම'ට පැවැසීය.

කුණු කන්ද නායයෑම සමඟ ඉන් බැහැර වූ ප්ලාස්ටික්, පොලිතීන් සහ ලෝහ වර්ගවල අන්තර්ගතව තිබූ විවිධ රසායනික වර්ග ජල ප්‍රභේදවලට එකතුවීම හරහා දිගුකාලීන රෝග ලෙස පිළිකා වැලඳීම, ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත රෝග ඇතිවිය හැකි බවද හෙතෙම පැවසීය.
දැනට පවතින අපවිත්‍ර ජලය පෑගීම මෙන්ම අතගෑමෙන් බරපතළ චර්ම රෝග පැතිරීමේ අවදානමක් පවතින බවද උපුල් රෝහණ මහතා සඳහන් කළේය.
රෝග තත්ත්ව වළක්වා ගැනීම සඳහා අවට ප්‍රදේශවල ජල ප්‍රභේදවලින් ජලය පරිහරණය කිරීමෙන් වැළකීම, උතුරා නිවාගත් පිරිසුදු ජලය පානය කිරීම, ආහාර වර්ග මැස්සන්ගෙන් හා දූවිලිවලට නිරාවරණය කිරීමෙන් වැළැකී සිටීම මෙන්ම පහත් බිම්වල පලාවර්ග ආහාරයට ගැනීමෙන් වැළැකී සිටීම ජනතාව උනන්දු විය යුතු බවද හෙතෙම පෙන්වා දුන්නේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්