ජ’පුර සරසවියේ බලු ආක්‍රමණයක්

  👤  3162 readers have read this article !
By mawbima 2017-04-20

කුමුදු උපුල් ශාන්ත

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල පරිශ්‍රයේ අයාලයේ සැරිසරන එකසිය තිහකට (130) ආසන්න සුනඛ රංචුවක් සපා කෑම හේතුවෙන් ඉකුත් මාස දෙක ඇතුළත පමණක් එම විශ්වවිද්‍යාලයේ සිසුන් ඇතුළු සේවකයන් විස්සකට (20) අධික පිරිසක් බරපතළ තුවාල ලබා ඇති බවත් ඒ හේතුවෙන් එම විශ්වවිද්‍යාලයේ වැඩකටයුතුවලට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවත් එම විශ්වවිද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙසේ ගැවසෙන සුනඛයන් බොහෝ දෙනකුගේ ශරීරවල හොරි, කුෂ්ඨ ඇතුළු තුවාල පවතින බවත් ඊයේ (19දා) පෙරවරුවේදී එම සුනඛයකු සපාකෑම හේතුවෙන් එහි සේවකයකු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහුට එන්නත් පහක් ලබාදී ඇති බවත් අනාවරණය වෙයි.
මේ පිළිබඳව එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගෙන් විමසීමේදී කියා සිටියේ මේ සුනඛයන් ගැවසීම හේතුවෙන් විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය ඇතුළු විසි දහසක් පමණ (20,000) දෙනා දැඩි භීතියෙන් සිටින බවත් මෙම සුනඛයන් දේශන ශාලාවල නිරන්තරයෙන් මලපහ කිරීම හේතුවෙන් එම ශාලා තුළ දැඩි දුර්ගන්ධයක් පවතින බවය.

පිටස්තර පුද්ගලයන් විසින් ගෙනත් දැමීම නිසා විශ්වවිද්‍යාලය තුළ මේ ආකාරයට සුනඛයන් බෝ වී ඇති බවත් ඔවුන් මේ විශ්වවිද්‍යාල භූමියෙන් ඉවත් කරන ලෙසට අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළද මේ වන විට එයට නිසි ප්‍රතිචාරයක් ලැබී නොමැති බවද පැවැසූ මහාචාර්යවරයා 'මව්බිම' ඇසූ පැනයකට පිළිතුරු ලබාදෙමින් වැඩිදුරටත් කියා සිටියේ මෙම සුනඛයන් රැකබලා ගැනීම සඳහා කවුරුන් හෝ ඉදිරිපත් වන්නේ නම් විශ්වවිද්‍යාලය තුළ ඊට අවශ්‍ය ඉඩ ප්‍රමාණය හා එම සතුන්ට අවශ්‍ය ආහාර ලබාදීමට හැකි බවත් එසේ නොහැකි නම් සතුන්ට ආදරය කරන කිසියම් සංවිධානයක් ඉදිරිපත්ව එම සතුන් රැගෙන යන ලෙසත්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්