සුපිරි අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් හෙට

  👤  3109 readers have read this article !
By mawbima 2017-04-19

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරනු සුපිරි අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් හෙට (20දා) කොළඹ එන්.සී.සී. පිටියේදී හා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවැත්වීමට නියමිතව ඇත.

ඒ අනුව නුවර හා කොළඹ අතර තරගය එන්.සී.සී. පිටියේදීත්, ගාල්ල හා දඹුල්ල තරගය දඹුල්ල ක්‍රීඩා පිටියේදීත් පැවැත්වීමට නියමිතව ඇත.
අප්‍රේල් 21දා විවේකී දිනයෙන් පසු නැවතත් 22දා තවත් තරග දෙකක් ලෙස ගාල්ල හා කොළඹ තරගය කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදීත්, එදිනම නුවර හා දඹුල්ල අතර තරගය දඹුල්ල ක්‍රීඩා පිටියේදීත් පැවැත්වෙන අතර, එම තරග දෙකම දිවා/රාත්‍රි තරග වශයෙන් පැවැත්වීමට නියමිතව තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon