බුවනේෂ්වර් කුමාර් පන්දු යවන්නන් අතර අංක 1ට

  👤  3237 readers have read this article !
By mawbima 2017-04-19

කිංස් යඪ පන්ජාබ් කණ්ඩායමට එරෙහිව ලකුණු 19කට කඩුලු 5ක් දවාගනිමින් මෙවර අයි.පී.එල්. තරගාවලියේ එක් ඉනිමකදී කඩුලු 5ක් ලබාගත් ප්‍රථම ක්‍රීඩකයා වීමට බුවනේෂ්වර් කුමාර් සමත්වී ඇත. ඔහුගේ එම දක්‍ෂ පන්දු යැවීම නිසාම සන්රයිසස් හයිද්‍රබාද් පිලට මෙවර තරගාවලියේ තෙවැනි ජය වාර්තා කිරීමට හැකි වූ අතර, ඔවුන්ට ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉහළට ඒමටද හැකිවිය. ඒ සමඟම තරග 5කදී කඩුලු 15ක් දවාගෙන සිටින කුමාර් පන්දු යවන්නන් අතර ඉදිරියෙන්ම සිටී.

මේ අතර එදින පැවැති අනෙක් තරගයේදී ඩෙල්ලි ඩෙයා ඩෙවිල්ස් කණ්ඩායම කඩුලු 4කින් පරාජය කළ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ සිවුවැනි ජය අත්පත් කර ගත්තේය.
ඒ අනුව නයිට් රයිඩර්ස් කණ්ඩායම මේ වනවිට තරග 5කට සහභාගි වී තරග 4ක් ජයගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්ව සිටීමද කැපීි පෙනේ.
එහිදී ඩෙල්ලි ඩෙයා ඩෙවිල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 7කට ලබාගත් ලකුණු 168ට පිළිතුරු සැපයූ නයිට් රයිඩර්ස් කණ්ඩායම එක් පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු 6ක් පමණක් අහිමි කර ගනිමින් නියමිත ඉලක්කය පසුකර ගියේය. මනිෂ් පාන්ඩේ නොදැවී ලකුණු 69ක් හා යුසුෆ් පතාන් ලකුණු 59ක් ලබා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කිරීමට සමත්වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්