3 වැනි ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියට යන ශ්‍රී ලංකා පිලේ නායකත්වය නදීට

  👤  3081 readers have read this article !
By mawbima 2017-04-19

මැයි 6 වැනිදා සිට 13 වැනිදා දක්වා දකුණු කොරියාවේ ජියොන්ජුහිදී පැවැත්වීමට නියමිත 3වැනි ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය නදී ප්‍රනාන්දුට හිමිව ඇත.
2015 වසරේදී හොංකොංහි පැවැති දෙවැනි ආසියානු දැල්පන්දු තරගාවලියේ ශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකාවක් වූ නදී ප්‍රනාන්දු මේ වනවිට කළුතර දිස්ත්‍රික් කණ්ඩායම නියෝජනය කරයි.

කණ්ඩායමේ උපනායකත්වය ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරන හෂිනි පෙරේරාට හිමිව ඇති අතර, ඇයද 2015 වසරේදී හොංකොංහි පැවැති තරගාවලියේ ශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකාවක්ව සිටියාය.

කෙසේ වෙතත් මැයි 6දා තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම එදින තායිලන්තය සමඟින්ද, 8වැනිදා පාකිස්තානය සමඟින්ද,
මැයි 9වැනිදා මාලදිවයින සමඟින් හා මැයි 10දා හොංකොං සමඟින්ද තරග වැදීමට නියමිතව ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායම _ නදී ප්‍රනාන්දු, හෂිනි පෙරේරා, කවීනා රාජපක්‍ෂ, සචිනි රොද්රිගු, පූර්ණිමා ලක්‍ෂාණි, මලීෂා රත්නායක, මන්දිරා සම්පත්, ටී.එන්. හපුආරච්චි, නිර්මනී පෙරේරා, හංසිමා දිසානායක, රශ්මි පෙරේරා, තරුෂි ඉලංගරත්න

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon