පිරිමි හා කාන්තා ශූරතා පොළොන්නරුවට හා මීරිගමට

  👤  3142 readers have read this article !
By mawbima 2017-04-19

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාපිටියේදී පසුගියදා පැවැති රසදිය කුසලාන වොලිබෝල් තරගාවලියේ පිරිමි ශූරතාව පොළොන්නරුවේ බ්‍රැන්ඩික්ස් ඇත්ලීෂර් (ඕපචදඤඪය ඒබඩතඥඪඵභපඥ) කණ්ඩායමට හිමිවූ අතර, කාන්තා ශූරතාව මීරිගම බ්‍රැන්ක්ඩික්ස් ෆාස්ට් ෆැෂන් 2 කණ්ඩායම විසින් දිනාගනු ලැබීය.
පිරිමි අවසන් තරගය සඳහා ගිය වසරේ ශූරයන් වූ අවිස්සාවේල්ල ටී.ජේ ලංකා (ඊඥඥණචර ඹ්චදඬච ර්ථීඹ්ඛ්) කණ්ඩායම හා පොළොන්නරුව බ්‍රැන්ඩික්ස් ඇත්ලීිෂර් කණ්ඩායම් තරග වැදුණු අතර, එහිදී 20/25, 25/22ක් හා 17/15ක් ලෙස මෙවර පිරිමි ශූරතාව ජයගැනීමට බ්‍රැන්ඩික්ස් ඇත්ලීිෂර් කණ්ඩායම සමත් විය.
කාන්තා අවසන් මහා තරගය සඳහා මීරිගම ෆාස්ට් ෆැෂන් 2 හා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ෆාස්ට් ෆැෂන් කණ්ඩායම් සුදුසුකම් ලබාගත් අතර, එහිදී 24/26, 25/14ක් හා 25/21ක් ලෙස ජයගත් මීරිගම ෆාස්ට් ෆැෂන් 2 කණ්ඩායම පසුගිය වසරේදී මෙන්ම මෙවරද කාන්තා ශූරතාව තමන් සන්තකයේම තබා ගත්තේය.
පොළොන්නරුව බ්‍රැන්ඩික්ස් ඇත්ලීිෂර් කණ්ඩායමේ සුරේෂ් කුමාර සහ අමිල ඉෂාන් පිළිවෙළින් හොඳම පන්දු ඔසවන්නා හා හොඳම ක්‍රීඩකයා බවට පත්වූ අතර, ටී.ජේ. ලංකා කණ්ඩායමේ හරිත ප්‍රනාන්දු හොඳම ප්‍රහාරකයා බවට පත්විය.

මීරිගම බ්‍රැන්ඩික්ස් ෆාස්ට් ෆාෂන් 2 කණ්ඩායමේ දිල්හානි ගුණසේන සහ ඕෂිනී චාපා පිළිවෙළින් හොඳම පන්දු ඔසවන්නිය සහ හොඳම ක්‍රීඩිකාව ලෙසින් සම්මානයට පාත්‍ර වූ අතර, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ෆාස්ට් ෆැෂන් කණ්ඩායමේ හර්ෂනී කොඩිතුවක්කු හොඳම ප්‍රහාරිකාව බවට පත්වූවාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්