දැල්පන්දු නිලවරණය කල්යයි

  👤  3196 readers have read this article !
By mawbima 2017-04-19

විචිත්‍ර වීරසිංහ

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නිලවරණය අප්‍රේල් 29දාට පැවැත්විමට නියමිතව තිබුණද නිලවරණයට දින 14කට පෙර සාමාජිකත්වය වෙත වාර්ෂික විගණන ගිණුම් වාර්තා සහ නාමයෝජනා යැවීමට සම්මේලනය අපොහොසත් වීම හේතුවෙන් දැල්පන්දු නිලවරණය කල් දැමීමට සිදු වී ඇතැයි "මව්බිම"ට වාර්තා වේ.
පසුගිය මාර්තු 10දාතමින් දැල්පන්දු සම්මේලනය සාමාජික-සාමාජිකාවන්ට යැවූ ලිපියක සඳහන් වී තිබුණේ නිලවරණය අප්‍රේල් 29දා පැවැත්වෙන බවත්, අප්‍රේල් 11දාට පෙර නාමයෝජනා භාරදිය යුතු බවත්ය. එහෙත් නිලවරණයට දින 14කට පෙර වාර්ෂික අයවැය වාර්තා ඇතුළත් විගණකාධිපතිවරයා විසින් අනුමත ගිණුම් වාර්තා අදාළ සාමාජිකත්වයට යැවිය යුතු වුවත් වාර්ෂික ගිණුම් වාර්තා මේ වනවිටත් යැවීමට සම්මේලනය අසමත් වීම හේතුවෙන් මෙම කල් දැමීමට ප්‍රධානතම හේතුව වී තිබෙන බවද පැවැසේ.

ඇතිවී ඇති ගැටලු සහගත තත්ත්වය පිළිබඳව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද දැනුවත් වී ඇති අතර, ඒ අනුව දැල්පන්දු නිලවරණය කල් දැමීමට ක්‍රීඩා ඇමැතිවරයාද උපදෙස් දී ඇතැයි දැනගන්නට ඇත.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ ලේකම් චම්පා ගුණවර්ධන මහත්මිය "මව්බිම"ට පැවැසුවේ වාර්ෂික ගිණුම් වාර්තා පිළිබඳව ගැටලුවක් මතුවීම හේතුවෙන් දැල්පන්දු නිලවරණය කල් දැමීමට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා උපදෙස් දුන් බවත්, නිලවරණය පැවැත්වෙන දිනය ඉදිරියේදී ප්‍රකාශයට පත්කරන බවත්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්