වියට්නාම් අරගලයට එදා අපි මහපාරේ උද්ඝෝෂණ කරද්දී ඇමෙරිකානු ආක්‍රමණිකයන්ට රනිල්ලා ගුණ ගායනා කළා

  👤  3140 readers have read this article !
By mawbima 2017-04-19

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

තමා ඇතුළු පිරිස් එදා වියට්නාම විමුක්ති අරගලය වෙනුවෙන් මහපාරේ උද්ඝෝෂණ කරනා විට ඇමෙරිකන් ආක්‍රමණිකයන්ගේ පැත්තට ගුණ ගායනා කළ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා අද වියට්නාමයට ගොස් අභිනන්දන ප්‍රසංග පවත්වන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා පවසයි. ඊයේ (18දා) කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් වාසුදේව නානායක්කාර මන්ත්‍රිවරයා මේ අදහස් පළ කළේය.
රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ මෙම ප්‍රතිපත්තිය කටුසු ප්‍රතිපත්තියක් වන අතර සමුද්‍රීය ආරක්ෂාව ඉස්සරහට දමාගෙන සෑම රටක් සමඟම සමුද්‍ර ආරක්ෂක ඒකාබද්ධ වැඩපිළිවෙළක් පිළිබඳව කතා කරන්නේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ සැලැස්මකට බවද ඒ මහතා මෙහිදී පැවසීය.
එසේ සිදුකරන්නේ සමුද්‍ර ආරක්ෂක වැඩපිළිවෙළට මුවාවෙන් ඇමෙරිකානු හමුදාව ලංකාවට ගෙන්වා ගැනීම සඳහා යැයිද මෙහිදී වාසුදේව නානායක්කාර මන්ත්‍රිවරයා පැවසුවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon