කුණු කන්දේ මෙහෙයුම් කටයුතු කරන සෙබළුන්ට විශේෂ වෛද්‍ය සේවා

  👤  3127 readers have read this article !
By mawbima 2017-04-19

කුමුදු උපුල් ශාන්ත

නායයෑමට ලක්වූ මීතොටමුල්ල කුණු කන්ද ප්‍රදේශයේ ආපදාවට ලක්වූවන් බේරා ගැනීමේ මෙහෙයුම් කටයුතුවල නිරතව සිටින හමුදා සෙබළුන්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් ලබාදීම සඳහා යුද හමුදා විශේෂ වෛද්‍ය කණ්ඩායමක් එම ප්‍රදේශය වෙත යවා ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩියර් රොෂාන් සෙනවිරත්න මහතා පවසයි.
ඔවුන් එම මෙහෙයුම් කටයුතුවල නිරතව සිටින්නේ විසබීජ සහිත පරිසරයක බැවින් එම පියවර ගත් බවද ඒ මහතා කීය. එසේ මෙහෙයුම් කටයුතුවල නිරතවන සෙබළුන් එක දිගට සේවයෙහි නොයොදා කණ්ඩායම් වශයෙන් යෙදවීමට කටයුතු යොදා ඇති බවද ඒ මහතා පැවැසීය.

මේ වන විට කිසිදු හමුදා සාමාජිකයකුට කිසිදු රෝගී තත්ත්වයක් උද්ගතව නොමැති බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon