කුණු කන්ද නාය යෑමේ සිද්ධියේ පළමුවැනි විත්තිකරු අගමැති වික්‍රමසිංහයි

  👤  3246 readers have read this article !
By mawbima 2017-04-19

මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමේ සිද්ධියේ පළමු විත්තකරු වත්මන් අගමැතිවරයා බවත් සියලුම පාලකයන් මේ සිද්ධියට වගකිව යුතු බවත් ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා පැවසයි.
වාසුදේව මන්ත්‍රිවරයා මේ අදහස් දැක්වූයේ ඊයේ (18දා) කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
සමාජවාදී ජනතා පෙරමුණ මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වූ අතර එහිදී අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මෙසේද පැවැසුවේය.
''මම පොඩි කාලයක් කොළඹ මහ නගර සභාවේ විපක්ෂ නායකයා විදිහට වැඩ කළා. ඒ කාලය තුළ අපි මේ කුණු ප්‍රශ්නයට විසඳුමක් ගේන්න හැදුවා. ඒත් කුණු ජාවාරම්කාරයන්ට පාලකයන් යටවීම නිසා එය කරගන්න බැරිවුණා. ජීවිත 50ක් පමණ විනාශ වුණු මීතොටමුල්ලේ සිද්ධියේදී පාලකයන් විසින් කුමන වගකීමක් දරනවාද කියන එක ප්‍රශ්නයක්.

මේ සිද්ධියට වගකියන්නේ කවුද? මේක මානුෂීය අපරාධයක්.
මේ ගැන හරි නම් ජිනීවා කොමිසමේ හුසේන් කුමාරයත් සොයන්න ඕනේ. මේක අනියම් මිනී මැරීමක්.
ඒ මිනිස්සු අහන එකම දේ අපි ජීවත්වුණු තැනට කුණු ගෙනත් දැම්මේ ඇයි. සමහර වගකිව යුතු අය අහනවා කුණු ගොඩ ළඟින් අපේ මිනිස්සු ඉවත් වෙලා නොගියේ ඇයි කියලා. ඒ මිනිස්සුන්ට කුකුල් කූඩු වගේ නිවාස ලබාදුන්නට ඒවාට යන්න පුළුවන්ද? ලකෂ 15ක් දීලා යන්න කියලා කිව්වහම යන්න පුළුවන්ද?
මේ කුණු ප්‍රශ්නය නවත්වන්න පුළුවන්කම තිබුණා. එහෙත් උසාවිය පවා දන්නවා ඇයි එහෙම කරන්න බැරි වුණේ කියලා. මේ මානුෂීය අපරාධයට වගකිව යුතු අයට ක්‍රියා කරන්න කියලා අපි පාලකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

මරික්කාර්ලා මුජිබර් රාහුමාන්ලා මන්ත්‍රිවරු විදියට පත්වුණේ මේ කුණු ප්‍රශ්නයට විසඳුම් ලබා දෙනවා කියලායි. කුණු ජාවාරම්කාරයෝ නගර සභාව හරහා මිලියන ගණන් හම්බ කළා. අගමැතිවරයා කළේ පොරොන්දු දීලා පොරොන්දු කඩ කරලා අද මිනිස්සුන්ව මේ කුණු කන්දට යට වෙන්න ඇරපු එකයි. මේ කුණු කන්ද ඉවත් කරනවා කියලා මන්ත්‍රිවරු වුණු මරික්කාර්ලා, මුජිබර් රහුමාන්ලා ඉල්ලා අස්විය යුතුයි. එය ඔවුන්ගේ සාදාචාරාත්මක යුතුකමක්.
ඊළඟට හම්බන්තොට ප්‍රශ්නය තවමත් විසඳිලා නෑ. හම්බන්තොට වරාය පළමුව තිබුණු කොන්දේසි විශාල වශයෙන් වෙනස් කරලා තමයි අලුත් ගිවිසුම ඇතිකරන්න යන්නේ. හම්බන්තොට වරාය චීනයට පාවා දීම කළේ අගමැති රනිල්. ඒක වෙනස් කළේ ජනතාවගේ අරගලයේ බලයෙන්. එදා ඒ ජනතාව හිරගෙවල්වලට ගියේ නිකං නෙමෙයි. ඊට විරුද්ධව අරගල කරපු නිසයි. මේ ගිවිසුම ද්‍රෝහී ගිවිසුමක් කියලා ඔප්පුවෙලා තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා හදපු මුල් ගිවිසුමට වගකියන්න ඕනෙත් එයාමයි. මේ අනුව හම්බන්තොට වරාය පිළිබඳව කියන්නේ සම්පූර්ණ බොරු. 2014- 2015 වසරවල වගේම 2015 _ 2016 වසරවලත් විශාල මෙහෙයුම් ලාබයක් හම්බන්තොට වරාය ලබාගෙන තිබෙනවා. මේ කාලය තුළ නැව් 360කට වඩා පැමිණ තිබෙනවා. හම්බන්තොට වරාය මේ රටේ අනාගත සමෘධියේ ‍ෙදාරටුව. ඒ තැන මෙයාලා පාවා දෙන්නයි හදන්නේ.

මේ වරාය මෙහෙයුම් වෙනුවෙන් ඉතා සීමිත කාලයකට ආයෝජන වෙනුවෙන් යම් ගිවිසුමකට යනවා නම් ශ්‍රී ලංකා වරාය අධිකාරියත් පිටරට සමාගමත් එකතු වී ලංකාව තුළ ලියා පදිංචි වන කොම්පැනියක් බවට පත් විය යුතුයි.
මෙහිදී අහදස් දැක්වූ රාජා කොල්ලුරේ මහතා
මීතොටමුල්ල සිද්ධිය වළක්වා ගන්න තිබුණා. මේ ප්‍රශ්නවලට මොන ආණ්ඩුව ආවත් පිළිතුරු නෑ. මේ කුණු කන්ද පුත්තලමට අරගෙන යන්න තීරණයක් තිබුණා. නමුත් ඒක කළේ නෑ. බස්නාහිර පළාත් මහ ඇමැතිවරයා කියන්නේ පළාත් සභාවට කුණු අයින් කරන්න දුන් නෑ කියලා.
මේ හැමෝම හදන්නේ ලකුණු දමා ගන්නයි. චම්පික රණවකට කුණු බැහැර කරන ක්‍රමවේදය ගැන හොඳ දැනුමක් තිබෙනවා. එහෙත් ඛේදවාචකයක් වනතුරු විසඳුමක් දෙන්න බැරි වුණා.
ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්