නෑමට ගිය සිසුවා කර්බලා මුහුදට බිලි

  👤  3240 readers have read this article !
By mawbima 2017-04-19

මඩකළපුව - ජේ. ඛාන්

කාත්තන්කුඩි පොලිස් වසමට අයත් කර්බලා මුහුදේ පසුගියදා (16දා) දිය නාමින් සිටියදී මුහුදේ ගිලී මරණයට පත්වූ සිසුවාගේ සිරුර පෙරේදා (17දා) දහවල් සොයාගත් බව කාත්තන්කුඩි පොලිසිය කියයි.
ආරයම්පදි - 3 පැරණි කල්මුණේ පාරේ වීරසිංගම් දර්මදන් (17) වන සිසුවා තම පවුලේ අය සමඟින් මුහුදේ දිය නාමින් සිටියදී මුහුදේ ගිලී ඇති බවට පොලිස් පරීක්ෂණවලදී හෙළිවේ.

නාවික හමුදාව යොදා දේහය සොයා ගන්නා ලදී. මියගිය දරුවා පසුගිය අ.පො.ස. (සා.පෙළ) විභාගයෙන් ඒ සම්මාන 7ක් හා බී සම්මාන 2ක් ලබාගෙන ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්