වෛද්‍ය ශිෂ්‍ය කමිටු කැඳවුම්කරුට වරෙන්තු

  👤  4127 readers have read this article !
By mawbima 2017-02-17

අමිල අබේරත්න

නඩුවකට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත්ට වරෙන්තු නිකුත් කරන ලෙස කොටුව වැඩබලන මහෙස්ත්‍රාත් ජයන්ත ඩයස් නානායක්කාර මහතා ඊයේ (16දා) නියෝග කෙළේය.

එලෙස නියෝග කෙළේ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන පසුගිය මාසයේ (19දා) අන්තර් විශ්වවිද්‍යාල...

ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ සාමාජිකයන් අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් කොල්ලුපිටිය ප්‍රදේශයේ උද්ඝෝෂණයක නිරත වූ බවට කොල්ලුපිටිය පොලිසිය විසින් ගොනුකළ නඩුව සම්බන්ධයෙන් වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැඳවුම්කාරවරයා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනි.

එම නඩුවට අදාළ තවත් විත්තිකරුවන් කිහිප දෙනකු වන ජතුරේ සුනීත හිමි, සනත් බණ්ඩාර, පබසර ධර්මරත්න යන විශ්වවිද්‍යාල සිසුහු අධිකරණයේ නියමය පරිදි අධිකරණය හමුවේ පෙනී සිටියහ.

කොටුව වැඩබලන මහෙස්ත්‍රාත්වරයා විසින් අධිකරණයේ පෙනී සිටින ලෙස ඇපකරුවන්ට නොතීසිද නිකුත් කෙළේය.

නඩුව ලබන මාර්තු 16 වැනිදා යළි කැඳවීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්