ඒකාබද්ධ විපක්ෂ සාමාජිකයෝ ව්‍යවස්ථා අනුකමිටුවලින් ඉවත් වෙති

  👤  3547 readers have read this article !
By mawbima 2017-02-17

පහන් විජේසේකර

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රියාවලියට අදාළව පත් කර තිබෙන මධ්‍යම පර්යන්ත අනුකාරක සභාවේ වාර්තාවන් ඒකීය රාජ්‍ය අහෝසි වීමේ ඉලක්ක සහිතව සකස් වී ඇති නිසා ව්‍යවස්ථා සම්පාදන අනුකාරක සභා නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයන් එම අනුකමිටුවලින් නිල වශයෙන් ඉවත් වීමට ඊයේ (16දා) තීරණය කෙළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒකීය ස්වරූපයට එරෙහි වෙමින් ආණ්ඩුකාරවරු බල රහිත කිරීමට, ජාතික ආණ්ඩුව සම්බන්ධ ලැයිස්තුවේ ඇති විෂයන්ට පමණක් මධ්‍යම රජයේ මැදිහත්වීම සීමා කිරීමට ආදී වශයෙන් එකී ෆෙඩරල් යෝජනා ඇතුළත් වී තිබෙන බව ඒකාබද්ධ විපක්ෂය පෙන්වා දෙයි.

මුදල් පිළිබඳ අනුකාරක සභාව සද්භාවයෙන් කරන ලද යෝජනා පවා අනෙකුත් වාර්තාවන්හි යෝජනා අනුව බෙදුම්වාදී වුවමනාවන් වෙනුවෙන් යොදා ගැනීමට උත්සාහ කරන බැවින් එම අනුකාරක සභාවල සාමාජිකයන් ලෙස මින් ඉදිරියට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු කටයුතු නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

කූට ලෙස සිදු කරගෙන යමින් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය ඉදිරියේදී කුමන ආකාරයකින් කටයුතු කරන්නේ දැයි දැන ගැනීම පිණිස ප්‍රධාන මෙහෙයුම් කමිටුව නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන හා ප්‍රසන්න රණතුංග යන මන්ත්‍රිවරුන් දැනට එම කමිටුවෙන් ඉවත් වීමට තීරණය කර නැතැයිද ඔහු පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්