සීමා නිර්ණ වාර්තාව අද මුද්‍රණයට දෙනවා

  👤  3592 readers have read this article !
By mawbima 2017-02-17

සපුමල් ජයසේන

පළාත් පාලන ආයතන සීමා නිර්ණ වාර්තාව ගැසට් කිරීම සඳහා අද (17දා) මුද්‍රණයට භාර දෙන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කමල් පත්මසිරි මහතා පවසයි. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ලෙසින් පරිවර්තන තුනකින් යුත් සීමා නිර්ණ වාර්තාව ගැසට් කිරීම සඳහා රජයේ මුද්‍රණාලයට අද භාර දෙන බවද එය ගැසට් කරන දිනය නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවද කමල් පත්මසිරි මහතා 'මව්බිම' කළ විමසීමකට පිළිතුරු දෙමින් ඊයේ (16දා) පැවැසීය.

අශෝක පීරිස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් සීමා නිර්ණ අභියාචනා විමර්ශන කමිටුව විසින් සකස් කරන ලද වාර්තාවේ පරිවර්තන මෙන්ම තාක්ෂණික දෝෂ අටසියයකට වැඩි සංඛ්‍යාවක් තිබූ බවත් මැතිවරණ දෙපාර්තමේන්තුවේ ද සහාය ලබා ගනිමින් එම දෝෂ නිවැරැදි කිරීමට පළාත් පාලන අමාත්‍යාංශය කටයුතු කළ බවත් පත්මසිරි මහතා සඳහන් කරයි.

අසෙශ්ක පීරිස් මහතාගේ සභාපතිත්වයෙන් පත් කරන ලද පංච පුද්ගල කමිටුවට පළාත් පාලන ආයතන සීමා නිර්ණ වාර්තාව සැකැසීම සඳහා වසරකුත් මාස තුනක කාලයක් ගතවී තිබිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී පළාත් පාලන ඇමැතිවරයා ගැසට් නිවේදනය ගැන කළ සඳහනේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවැසුවේ සීමා නිර්ණ වාර්තාව නිසා තමා බලවත් සේ පීඩනයට පත්වූ බවත් කිසිදු හේතුවක් මත ඡන්දය කල්දැමීමේ දුෂ්ට චේතනාවෙන් එය ගැසට් පත්‍රයට ඇතුළත් කිරීම පමා නොකළ බවත්ය.

මහින්ද රාජපක්ෂ මහතාගේ රාජ්‍ය තන්ත්‍රය පෙරළා දැමූ මෛත්‍රිපාල සිරිසේන මහතාට පුංචි ඡන්දය කජ්ජක් නොවන බවත් සීමා නිර්ණ කමිටු වාර්තා පිට දමා ඡන්දය කල් දැමීමට කිසිදු වුවමනාවක් රජයට නොමැති බවත් මුස්තාපා මහතා සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්