මට්ටක්කුලියේ කුඩු ජාවාරම්කාරිය ලක්ෂ 13ක බඩුත් එක්ක අල්ලයි

  👤  3717 readers have read this article !
By mawbima 2017-02-17

කොළඹ - එම්.සී. පෙරේරා

රුපියල් ලක්ෂ දහතුනක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු සමඟ විසි හතර හැවිරිදි කාන්තාවක මට්ටක්කුලිය සමිට්පුර නිවෙසකදී අත්අඩංගුවට ගත් බව කොළඹ උතුර කොට්ඨාස දූෂණ මර්දන අංශය පැවැසීය. සැකකාරිය සන්තකයේ තිබූ මත්කුඩු ප්‍රමාණය ග්‍රෑම් 115ක් බව පොලිසිය කියයි.

මීට දින කිහිපයකට උඩදී ඝාතනයට ලක්වූ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවකු මෙන්ම පාතාල නායකයකු වූ චූටි උක්කුවා නමැත්තාගේ හෙරොයින් මත්කුඩු බෙදා හැරීමේ නියෝජිතවරියක් ලෙස කටයුතු කරන කාන්තාවක් සන්තකයේ මත්කුඩු තිබෙන බවට කොළඹ උතුර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.ඒ.එච්. චම්මික මහතාට ලද තොරතුරකට අනුව සැකකාරියගේ නිවෙස වටලා සිදුකළ පරීක්ෂාවේදී මත්කුඩු තොගය සොයා ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකාරියගේ සැමියාද මීට මාස දෙකකට පමණ ඉහතදී හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ පොලිසියට හසු වී බන්ධනාගාර ගතව ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවැසීය.

සැකකාරිය එක් දරු මවකි.

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, කොළඹ උතුර කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ලයනල් ගුණතිලක, කොළඹ උතුර සහකාර පොලිස් අධිකාරි රසල් සොයිසා මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ කොළඹ උතුර කොට්ඨාසය දූෂණ මර්දන අංශයේ ජනාධිපති පොලිස් පරීක්ෂක ඩී.ඒ. එස්. චම්මික මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක ආර්.එස්.එම්. විශ්වනාත් සැරයන් ගාමිණී (6131), පොලිස් කොස්තාපල් ප්‍රියංකර (79997), කාන්තා පොලිස් කොස්තාපල් ඉෂාර (9896) යන අය පරීක්ෂණ පවත්වති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon