රවිගේ වත්කම් විස්තර ඉල්ලා පාර්ලිමේන්තු මහ ලේකම්ට ලිපියක්

  👤  3708 readers have read this article !
By mawbima 2017-02-17

සිදත් මෙන්ඩිස්

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ වත්කම් පිළිබඳ විස්තරයක් ඉල්ලා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකළ බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය පවසයි.

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනත යටතේ මේ ඉල්ලීම කළ බව එහි සභාපති රංජිත් විතානගේ මහතා "මව්බිම"ට පැවැසීය.

ඇමැතිවරයා ලෙස මුදල් ආමාත්‍ය රවි කරුණානායක මහතා මුදල් ඉපැයීම් සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වෙමින් තිබේ.

ඔහු මේ වනවිට කෝටිපතියකු බවට පත්වෙමින් සිටින බැවින් ඒ පිළිබඳව තොරතුරු විමසීමට ජනතාවට අයිතියක් ඇති බවත් විතානගේ මහතා පෙන්වාදෙයි.

මේ අතර රවි කරුණානායක මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ටොප් ටෙන් යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පසුගියදා පැමිණිල්ලක්ද ගොනු කෙරිණි.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයද මීට පෙර මුදල් අමාත්‍යවරයාට එරෙහිව එම කොමිසම හමුවට පැමිණිල්ලක්ද ඉදිරිපත් කරන ලදී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon