ටෙලිකොම් මෑන් පවර් සේවකයන් ස්ථිර කරයි

  👤  3608 readers have read this article !
By mawbima 2017-02-17

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ මෑන් පවර් සේවකයන් ලෙස වසර 7කට වැඩි කාලයක් සේවය කළ පිරිස් ස්ථිර සේවකයන් ලෙස බඳවා ගැනීමට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇති බව විදුලි සන්දේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

එමෙන්ම එසේ සේවයට බඳවා ගන්නා සේවකයන්ගේ උපරිම වයස් ප්‍රමාණය වයස 35 සිට 47 දක්වා වැඩිකිරීමටද ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මේ තීරණවලට එළැඹී තිබේ.

මේ පිළිබඳව ජනාධිපති සහ අගමැතිද දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බව කොළඹදී ඊයේ පැවැති මධ්‍ය හමුවකදී පැවැසුවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්