සයිටම් අර්බුදය ගැන අද තීරණාත්මක සාකච්ඡාවක්

  👤  3662 readers have read this article !
By mawbima 2017-02-17

දයා පෙරේරා  , ආරියරත්න ගනේගොඩ

'සයිටම්' අර්බුදය පිළිබඳ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ තීරණාත්මක සාකච්ඡාව අද (17දා) දහවල් පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රැස්වීමේදී මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධ අවසන් නිගමනයකට එළැඹෙනු ඇති බව එම සභාවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

සයිටම් ආයතනය සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට ලබාදී ඇති තීන්දුව පිළිබඳව ශේ‍ර්ෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කරනවාද නැද්ද යන වග අද රැස්වීමේදී සාකච්ඡා කෙරෙනු ඇති බවට විශ්වාස කෙරේ.

මේ අර්බුදය සම්බන්ධයෙන් වෛද්‍ය සභාව සිය අවසන් එකඟතාවකට එළැඹෙනු ඇති බවද ආරංචි මාර්ග පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon