අර්ථසාධකයට අහිමි වූ කෝටි 1,500 ගැන කතා කරන්න ජනපතිගෙන් සාකච්ඡාවක් ඉල්ලුවා

  👤  3655 readers have read this article !
By mawbima 2017-02-17

අනුරාධා හේරත්

සුප්‍රසිද්ධ මහබැංකු බැඳුම්කර ගනුදෙනුවෙන් සේවක අර්ථසාධක අරමුදලට (ඡ්ර්ථීජ්) අහිමි වූ රුපියල් කෝටි 1500 නැවත අයකරගන්නේ කෙසේද දැයි කරුණු සහිතව පෙන්වා දීමට වහාම සාකච්ඡාවක් ලබා දෙන්නැයි ඉල්ලා අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ ජනාධිපතිවරයා වෙත ඊයේ (16දා) ලිපියක් යොමු කළේය.
බැඳුම්කර වංචාවෙන් සේවක අර්ථසාධක අරමුදලට රුපියල් කෝටි 1,500ක් අහිමි කර ඇති බවට ඔප්පු කිරීම සඳහා පැහැදිලි ලිඛිත සාක්ෂි තමන් සතුව ඇති බවත් තමත් මහ බැංකුවේ වත්මන් අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා වෙත යොමු කළ ලිපියට ලැබුණු පිළිතුරු ලිපියෙන්ද හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් වංචා සහගත ලෙස අර්ථසාධක අරමුදල කොල්ලකා ඇති බව පැහැදිලි යැයි සමරසිංහ මහතා එම ලිපියේ සඳහන් කර තිබේ.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අර්ථසාධක අරමුදල් භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කරන විට එම බැඳුම්කර ඍජුවම ආයෝජනය නොකොට තමාගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස්ගේ සමාගම වන පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම හරහා ද්විතීයික වෙළෙඳපොළේ ආයෝජනය කර ඇතැයිද ඔහු එම ලිපියේ දන්වා ඇත.

එහි සඳහන් වන්නේ එසේ සිදුකරන ලද එම දැවැන්ත පාඩුව මහේන්ද්‍රන් මහතාගෙන් සහ ඔහුගේ බෑනාගේ සමාගමෙන් නැවතත් අය කර ගැනීම පිළිබඳ සාකච්ඡා කිරීමට තමා ඇතුළු සාමාජිකයන් තිදෙනකුට අවස්ථාව ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon