ලෝක හමුදා දිනය සමරන මාර්ග ධාවන තරගය හෙට

  👤  3530 readers have read this article !
By mawbima 2017-02-17

ලෝක හමුදා දිනය වෙනුවෙන් අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල මාර්ග ධාවන තරගය 18 වැනිදා (හෙට) ගාලු මුව‍ෙදාර පිටියේදී පැවැත්වීමට නියමිතය.

ක්‍රීඩාව මඟින් සන්නද්ධ හමුදාවන් එකමුතු වී ලෝක සාමය ළඟාකර ගැනීමේ අරමුණින් පැවැත්වෙන මෙම අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල මාර්ග ධාවන තරගය කිලෝමීටර් දෙකකින් යුක්ත වන අතර, එය ගාලු මුව‍ෙදාර පිටියෙන් ආරම්භ වී කොළඹ 2 ආරක්‍ෂක සේවා විදුහල අසලින් අවසන් වීමට නියමිතව ඇත.

ආරක්‍ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ වත්මන් සභාපති යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සමඟින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති, ජේ‍යෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන් මෙම මාර්ග ධාවන තරගයට එක්වීමට නියමිත බවද පැවැසේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්